(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ සේවා නියුක්ති කාරයාංශය යටතේ ලියාපදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සිවල බලපත්‍ර තදින් අදීක්ෂණය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී දැඩි අවධානය යොමුවිය
මේ අතර විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ අවධානය යොමුවූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුව පවසයි.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ගුණාත්මක භාවයෙන් හා නිපුණතාවයකින් යුතු සංක්‍රමණික ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සහ ඊට ආනුශංගික කරුණු සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුව විසින් සකස් කරන ලද පුහුණු වැඩසටහන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක අනුකමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම කමිටු රැස්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගීවූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රට රැකියා ඒජන්සි ගැන දැඩි තීරණයක්