(බී.ජී. චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අළුත්ගම ගම්බිරිගස්වැව ප්‍රදේශයේ ලිපිනයේ පදිංචි අබ්දුල් මජිත් ෆායිස් පාතිමා නැමැති 6 හැවිරිදි දැරියකි.
අලුත්ගම දරුසලාම් මුස්ලිම් විද්‍යාලයේ, පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, පාසල නිම වී බස් රථයෙන් පැමිණ බස් රථයෙන් බිමට බසින අවස්ථාවේදී ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
බස් රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස්වරු 1.30ට පමණ මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කළේය.
බස් රථයෙන්, දැරිය බිමට බසින අවස්ථාවේදී අපරික්ෂාකාරී ලෙස එක්වරම බස් රථය යළි ගමන් ආරම්භ කිරීමේදී අනතුර සිදුව ඇති බවට ලැබුණු තොරතුරු වලට අනුව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වන බවද පොලිසිය කියයි.
අනතුරෙන් පසු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පරසන්ගස්වැව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එල්.සී. සිරිකාන්ත මහතාගේ උපදෙස් මත රථ රථ වාහන අංශයේ නිලධාරීහු පිරිසක් අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිසුවිය සමග මාරයා බසයෙන් එයි
kap Tuesday, 24 January 2023 05:16 PM
මුන්ට හදිසිය..පව් වෑඩේ පොඩි ලමයට..මුන් වගේ කාලකන්නින්ගෙන් පොඩි එකෙක්ටවත් බෙරිල්ලක් නෑ..මුසල හෑත්ත..මෑදපෙරදිග මේවගේ දෙයක් උනානම්, මුන් දෙන්නව එල්ලල මරන්නෙ..අනේ පොඩි බබා..හරිම දුකයි..කාලකන්නි මුසලයො.