(නිමල් ජයරත්න)
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් වෑන් රථයේ අසූවියති රියදුරු සහ මාස 4ක් වයසැති පිරිමි දරුවකු මියගොස්, කාන්තාවන් සිව් දෙනකු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ හලාවත පුත්තලම පාරේ අංක 72/1 ලිපිනයේ පදිංචිව සිටි අබ්දුල් මොහොමඩ් නව්ෆාර් යන අය බව පරික්ෂා සිදුකරන වාලච්චේන පොලිසිය පවසයි.
පුත්තලමේ සිට කාත්තන්කුඩිය බලා ධාවනය කරමින් තිබූ වෑන් රථය අක්කරෙයිපත්තු සිට කදුරුවෙල ලෙස දක්වා එමින් තිබූ බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාලච්චේන පොලිසිය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වාලච්චේනේ අනතුරකින් දෙකක් මරුට හතරකට තුවාල