එතෙර රැකියාවට යන කාන්තාවන්ගේ වයස් සංශෝධනය කෙරේ ගෘහ හා ගෘහ ආශ්රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 June 2022
මුතුරාජවෙල අක්කර 10ක් විදුලිබල මණ්ඩලයට මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 21 June 2022
ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 June 2022
සජබ පාර්ලිමේන්තුව වර්ජනය කර සභා ගැබෙන් පිටව යයි ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය. 21 June 2022
අගමැති යෝගා දිනය සමරයි ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි. 21 June 2022
පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි. 21 June 2022
බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්‍රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසක් සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කළේය. 21 June 2022
දින වෙනස් කරන්න ගිය ටින් මාළු තොගයක් අල්ලයි කල් ඉකුත් වීමට ආසන්න ටින්මාඵ තොගයක නිෂ්පාදන දිනය සහ මිළ ගණන් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් අති බව පැවසෙන ටිං මාඵ තොගයක් අද (20) සවස අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි නිළධාරී කාර්යාලය කියයි. 21 June 2022
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 June 2022
වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 20 June 2022
නොමිනිස්කම මැද අතරමං වූ රුසියානුවා සිය රටට පිටත් වීම සඳහා හපුතලේ සිට ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ආ රුසියානු සංචාරකයකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා රුසියානු ජාතිකයා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වෙයි. 20 June 2022
‘‘විරෝධය දැක්වූයේ අයි.එම්.එෆ් එකට නොවේ‘‘ අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවටට රැස්වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 June 2022
හිටපු ඇමැති රුවන් මාලදිවයිනේ කතානායක හමු වෙයි මාලදිවයින් හිටපු ජනාධිපති සහ වර්තමාන කථානායක මොහොමඩ් නෂීඩ් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුවිය. 20 June 2022
ඩී.පී පාර්ලිමේන්තු හෙට නොඑන බව අධිකරණයට කියයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා තමන් හෙට (21) දිනයේ දිවුම්රුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 20 June 2022
පෝලිමෙන් පිට ගෑස් ගන්න ආ පොලිසයට හූවක් පානදුර මෝදරවිල ක්‍රීඩාංගනයේ ලාෆ් ගෑස් බෙදාහරිමින් සිටියදී පොලිසියේ කැබ් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ගෑස් සිලින්ඩර තොගයක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිස සිය විරෝධය දැක්වීම නිසා හිස් ඇතින් ඔවුහු ආපසු ගියහ. 20 June 2022
ඉන්ධන බෙදා ගන්න ගිහින් අතපය කපා ගනී තිස්සමහාරාම ජුල්පල්ලම ඉන්ධන පිරවුම් හල අසල පෝලිං දෙකක අද උදෑසන දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි. 20 June 2022
21ට කැබිනට් අනුමැතිය විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20)රාත්‍රියේ අනුමැතිය දුන්නේය. 20 June 2022
සර්පයා නිදහස් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කොට ඔවුන්ගේ වෑන් රථයටම දමා ගිනි තැබීමේ චෝදනාවන්ගෙන් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන හසිත සම්පත් මොහන්දිරම් හෙවත් සර්පයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය. 20 June 2022
ආරච්චිකට්ටුව හිටපු සභාපති ඇතුළු තුනක් රිමාන්ඩ් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන හලකදි පුද්ගලයකුට පහර දී පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි හා අශෝභන ලෙස හැසිරුණු බව කියන ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු තිදෙනකු 23 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 20 June 2022
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය. 20 June 2022
අරගලකරුවෝ විසිඑක් දෙනාට ඇප මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැඟන් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 20 June 2022
අයි.එම්.එෆ් නියෝජිතයින් දින දහයක් ලංකාවේ ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම දින දහයක කාලයක් ලංකාවේ රැඳී සිටිමින් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තීරණය කර ඇත. 20 June 2022
ගෑස් ටෙන්ඩරය ගැන ලිට්රෝ සමාගම පැහැදිලි කරයි වර්තමාන ගෑස් හිඟය සහ පෝලිම් පිළිබඳව අවධානය යොමු කර තාවකාලික ගෑස් සැපයුම සඳහා ඕ.කිව්. ට්‍රේඩින් සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් සියම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියාකළ හැකි වන පරිදි ටෙන්ඩර් කැඳවීමට උපදෙස් ලැබුණු බවත් ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 June 2022
අන්තරේ පා ගමන කොටුව දෙසට අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බව අප වාර්තා කරුවෝ පවසති. 20 June 2022
අ‘පුර ඉන්ධන හලක ඉන්ධන සඟවලා හමු වෙයි අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813 ක්, සහ පෙට්‍රල් ලීටර් 1540 සොයා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන ප්‍රධාන නිළධාරී එම්. බී.සී.ඒ පෙරේරා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද (20දා) කටයුතු කලහ. 20 June 2022
ජනපති ලේකම්කාර්යාල පාර වැසූ පිරිස අධිකරණයට ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන එනු ලැබීය. 20 June 2022
ශ්‍රී ලංකාව හා චීනය අතර ගුවන් ගමන් වැඩි කෙරේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ටී.සෙන්හොන්ග් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය. 20 June 2022
‘‘සෞඛ්‍ය අංශ බිඳ වැටෙන්න දෙන්න එපා‘‘ දිනෙන් දින උග්‍ර වන අර්බුදකාරී වටපිටාව තුළ සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගැනීමට නම් ඖෂධ හිඟයට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්ධන පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 20 June 2022
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහනයක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20) නිවේදනය කළේය. 20 June 2022
පිරවුම්හල්වලට පාතාලයෝ රිංගලා දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් පාතාලයේ රජදහන් බවට පත්වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ. 20 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025