ලිංගික අපරාධ වැඩිවෙලා: පාකිස්තානයේ හදිසි තත්ත්වයක් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. 22 June 2022
හවුල් පක්ෂ රැස්වීමට පොහොට්ටු මන්ත්‍රි හවුල් වෙයි හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ද සහභාගි වී ඇත. 22 June 2022
සතොසේ සහල් හොර පාරෙන් මෝලකට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි. 21 June 2022
රුසියාවෙන් උදවු ගන්න හැටි තානාපති කියයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාවක් පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකි වනු ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති යූරි මැටරි මහතා පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 21 June 2022
උද්ධමනය සියයට 45 ක් දක්වා නගී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 June 2022
අධ්‍යාපන ගැටලු විසඳන්න ඩලස්ගෙන් යෝජනාවක් දරු පරපුරේ අධ්‍යාපන ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා(පොපෙ) සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් අද (21) පැවසීය. 21 June 2022
පෙරටුගාමී පක්ෂ මූලස්ථානයට පොලිසිය කඩා පනී නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (21) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 21 June 2022
පුත්තලමට ගංජා ඇද්ද නාවුක බුද්ධි නිලධාරීහු දැලේ කේරළ ගංජා පාර්සලයක් ප්‍රවාහනය කරමින් සිටි නාවුක හමුදා බුද්ධි අංශ නිලධාරින් දෙදෙනකු සැක පිට අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 21 June 2022
ලංවීම හිටපු සභාපති අනිද්දා කෝප් කමිටුවට කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් පසුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම කමිටුව හමුවට අනිද්දා (23) කැඳවීමට තීරණය කර ඇත. 21 June 2022
ජනපති - අගමැති යා යුතුයි ජනාධිපති සහ අගමැති ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසන ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් අද සම්මත විය. 21 June 2022
පුත්තලමේ ගුරුවරුත් විරෝධයේ පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේ ස්ථාපන කර ඇති අ:පො:ස සමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරු රාජකාරීයට පැමිණීමට ඉන්ධන ඉල්ලා අද 21 දහවල් උද්ඝෝෂණය නිරත වූහ. 21 June 2022
ඩී.පී.ට එරෙහි පෙත්සම් පහම විභාගයට නොගෙනම ඉවතට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය. 21 June 2022
ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි පවතින ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට හෝ පාලනය කිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පෑලියගොඩ කුණු කඳු පළාත්ම ගඟ ගසයි පෑලියගොඩ පළතුරු වෙළෙපොලේ ඉතිරි පළතුරු සහ කැළිකසල මාස දෙකකට ආසන්න කාලයකින් ඉවත් නොකිරීම නිසා එම පරිශ්‍රය තුළ කුණු කඳු ගොඩගැසී තිබේ. 21 June 2022
තෙල් පෝලිමේ සිටි පිරිසට සුවනෙත හෙදියන්ගෙන් සංග්‍රහයක් ගොතටුව, ඉන්දියන් තෙල් සමාගමට අයත් පිරවුම්හල අසල අද (21) දිනයේත් දිගු පෝලිම් පැවති අතර, දින ගණනක් එම පෝලිමේ රැඳී සිටි පිරිස් වෙනුවෙන් ඒ අසල ඇති ‘සුවනෙත’ පෞද්ගලික අක්ෂි රෝහලේ කාර්ය මණ්ඩලය සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. 21 June 2022
වී අලෙවි මණ්ඩලයෙන් අලුත් හාලක් වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින’PMB Rice’’ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පැය දෙකහමාරක විදුලි කප්පාදුව තවත් දින දෙකක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (22 සහ 23) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පැවසීය. 21 June 2022
මැනිං මාකට් එකේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට පෑලියගොඩ මැනිං වෙළඳපොලේ පලතුරු වෙළෙඳ සලක් අසල දී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය 21 June 2022
යලට පොහොර 6 වැනිදා මෙරටට යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 65,000 ක පොහොර තොගයක් ලබන මස 6 වැනිදා මෙරටට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පොදු රාජ්‍ය මණ්ඩලයට ජනපති වෙනුවෙන් ජී.එල් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද(21) සිට එළඹෙන 25 දක්වා රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වේ. 21 June 2022
ඉන්ධන ගැටළුවෙන් පාර්ලිමේන්තුව සීමා වෙයි ඉන්ධන ප්රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තුව මේ සතියේ දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 21 June 2022
පොලිසියේ ඉල්ලීමට අධිකරණයෙන් අවසර සමගි වනිතා බලවේගය විසින් අගමැති නිල නිවස ඉදිරිපිට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පවත්වන ලෙසට විරෝධතාකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (21) අවසර ලබා දුන්නේය. 21 June 2022
සරුංගල් අරින්න ගිය සිසුවාට මුරකරු වෙඩි තියලා කැකණදුර මොටාගෙදර දොලහේන වත්තේ සරුංගල් යැවීම සදහා මිතුරකු සමග ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 21 June 2022
දුම්රිය ඉඩම් වගාවට දෙයි දුම්රිය මාර්ග දෙපස ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වගාකිරීම සඳහා වසරක පදනම යටතේ ජනතාවට ලබාදීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 June 2022
මැදිරිගිරියට දින 10කින් ආ තෙල් බෙදා ගන්න ගිහින් ගුටි කෙලි මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සදහා පැමිණී පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි. 21 June 2022
ආණ්ඩුව ගැන අප්‍රසාදයෙන් සිටියත් පාර්ලිමේන්තුව වර්ජනය කරන්නෙ නෑ ආණ්ඩුවේ වගකීම් විරහිත ගමන ගැන අප්‍රසාදය එහෙමම තිබුණත් ජනතාව වෙනුවෙන් අදහස් පළ කරන්නට තිබෙන පාර්ලිමේන්තුව වර්ජනය කර නිවාඩු ගන්නට සූදානම් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 June 2022
සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන පිරවුම්හල් 74 ක් දිවයින පුරා පිහිටි පිරවුම්හල් 74කදී සෑම සිකුරාදා දිනකම සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා ඉන්ධන ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 21 June 2022
මේ වැනි දිසාපාමොක්ලා කොහි වෙයිද? උග්‍ර පෙට්ල් හිඟය නිසා පාසල් යාමට ප්‍රවාහන පහසුකම් නොමැති සිසු දරුවන් සමග කිලෝමීටර 15 - 16 අත්ට්‍රැක්ටරය පදවාගෙන පාසල් යන ගුරුවරයකු පදවිය මෛත්රිපුරින් අපට 20 දා අනාවරණය විය. 21 June 2022
විසි එකේ වගන්ති ගණනාවක් ව්‍යවස්ථාවට පටහැනියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21) දැනුම් දුන්නේය. 21 June 2022
නන්දලාල්ට දිගටම මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 21 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025