(අංජුල මහික වීරරත්න)
තමාට තොප්පි දෙකක් තිබෙන අතර එම තොප්පි දමාගත් විට මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද?නැද්ද? යන කාරණය පිළිබඳව මත දෙකක් ඇති වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පැවසීය.
පළමුවැනි තොප්පිය වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තොප්පිය දමා ගත් විට එක්සත් ජාතික පක්ෂය ඕනම වෙලාවක මැතිවරණයකට සූදානම් බව තමාට දැනෙන්නේ යැයි කී සාගල රත්නායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ලෙසත් ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් තමාට තිබෙන තොප්පිය දමා ගත් විට තමාට දැනෙන්නේ රට මැතිවරණයකට සූදානම් වීම සදහා සඳහා සුදුසු තත්ත්වයක නැති බව යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙට තියෙන්නෙ එක තොප්පියයි. . එ මොඩයගෙ තොප්පිය.. ( fool's Cap) මෙ මිනිහ කවුද මෙ රටෙ මැතිවරණ ගැන කතා කරන්න? චන්ද දහයක් ගනන් බැරුව ගෙඩර යවපු එකා හොර පාරෙන් ඇවිත් ලොකු කතා කියන්නත් එනව. .
ඉපදෙනකොට තිබුනෙ එක තොප්පියයි. ලොකු වෙනකොට රනිල්ගේ තොප්පියත් ලැබුනා. තොප්පි දෙකක් තියෙන්නේ එහෙමයි.
තොප්පි දෙකකට වඩා නෑ කියලා ශුවර් නේද?
අපි ඒක හොඳටම දන්නවා. එකක් ඔයාගේ. අනිත් එක රනිල්ගේ.
අවසානයේ ගෘහමූලිකයාගේ තීරණයට හිසනමන කීකරු බිරිඳක්...
තොප්පි දාන්න ඔළුවක් තියෙන්න එපෑයෑ...
රනිල්ගෙ තොප්පිය තියෙනකම් උඹ වැඩ කරු.
ඔහේට තොප්පි දෙකක් තියෙනවා... අපිට මහ ඡන්ද දෙකකුත්, පොඩි චන්ද එකකුත් තියෙනවා...
අපොයි ඔව් තොප්පි දෙකක්ම තියෙන නිසා වෙන්නැති ඔලු නැතිව ඉපදිලා තියෙන්නේ...
තොප්පි කීයක් තිබුනත් කමක් නෑ ලොක්කා එක්ක ඉන්නකොට පෘතුගීසි තොප්පියක් දාපන් මතක ඇතුව