(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (25 සහ 26) දින දෙකේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
උසස් පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාදුව පැය දෙකක් බවට අද දිනයේ පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද විතරක් පැය 2 කලේ අදින් පසු විභාගය ඉවරයි කියලා හිතල ද?.මේ ඉන්නේ අනික් ගැලරි කතා කාරයා.හැම දාම රට්ටුන්ව සනසන්න කියලා ගහනවා වැල් වටාරමක්.අන්තිමට ලයිටි බිලත් වැඩිවෙලා කරන්ට් එකත් කැපිලා තමා වැඩේ.නවතින්නේ. මුන් ඔක්කොම.එකතු වෙලා ගහන ගේමක් මේ.
මොන නාටියක් උනත්, මොකක් උනත් මම අනිවාර්යෙන්ම මෙ මනුස්සයා එක මතයක ඉන්න එක ගැනනම් සතුටුයි. විදුලි බිල වැඩි කරන්න අවශය් නැ කියන එක සහ ඇයි අඩුවෙන් පාවිච්චි කරන මිනිස්සුන්ගෙ බිලත් අම්බානකට වැඩි කරන්නෙ කියන දේත් එක්ක. කොහොම උනත්., නිළදාරීන් කෙලින් වැඩ කරනවානම්....