(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුඩා ප්‍රමාණයේ ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක් සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ පිපිරවීම් සඳහා යොදා ගන්නා ඩෙටනේටර් සහ අධි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මන්නාරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු විලත්තව පොලිස් මාර්ග බාදක යෙදී අලුයම් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි බිංගිරිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් පොලිස් පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ නියමයෙන්කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහකාර පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් බිංගිරිය ට පැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අධි බලැති පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද අඟල් අටක් දිග වට ප්‍රමාණය අඟල් තුනක් වූ ප්ලාස්ටික් පයිප්ප 89ක් සහ වෙඩි බෙහෙත් නූල් විසි එකක්මෙම රහස් කුටිය තුල සඟවා තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
ඩෙටනේටර්100 බැගින් පෙට්ටි නමයක අසුරා තිබිණි යැයි පොලිසිය සඳහන් කරයි.
කුඩා ලොරි රථයේ පිටුපස කොටසේ යට ගණ තහඩුවකින් ආවරණය කර මෙම රහස් කුටිය ඉතා සූක්ෂම ආකාරයෙන් සකසා තිබුණුබව පොලිසිය කීය.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයකු ගෙන් මෙම ඩෙටනේටර් තොගය සහ පුපුරන ද්‍රව්‍ය තොගය මිලදී ගන්නා ලදැයි සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ කර සිටි නිසා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ඇතැම් ධීවරයින්ට මසුන් මැරීමට යොදා ගැනීමට විකිනීමට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි බව සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පැවසීයැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට
fairoos Tuesday, 24 January 2023 03:55 PM
සහරාන් මැරිලා නැද්ද ?චන්දයක් ලන්වෙනකොට මේවා නිකන්ම මතුවෙනවා
විජිත් Tuesday, 24 January 2023 11:59 PM
" සුරංගනා කතා තවත් නොකියනු මැන මට - කොහිද පොලිස් ඔබ කියනා ඩෙටොනේටර් ගොඩ ?, චන්ද කිට්ටු වෙන්න වෙන්න කතා හදනවද - හදන කතා වලට ඔබට කියක් දෙනවද ..."