රෝහලේ කුණු වනසන්න දුන් මැසිමේ කෑලි ගලවලා
විදේශීය හා දේශීය ණය ආධාර යටතේ සායනික අපද්‍රව්‍ය කළමණාකරනය සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට 2018 වසරේදි ලබාදුන් රුපියල් කෝටි 11.57 ක් (ඇමරිකන් ඩොලර් 701,336ක්) වටිනාකමින් යුතු මෙටා පයිසර් යන්ත්‍රයේ කොටස් ස්ථාපිත කළ සමාගම විසින්ම කිසිදු අවසරයකින් තොරව ගලවාගෙන ගොස් ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වේ.