
(අංජුල මහික වීරරත්න)
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා එහිදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.
තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.
තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්නෙ මහින්දගේ උපදෙස් අනුව නිසා තමයි ඔබතුමාට මිනිස්සු රනිල් රාජපක්ෂ කියල කියන්න පටන්ගත්තේ. මහින්දගේ ඕනෑ එපා කම් අනුව තව දුරටත් වැඩ කරන්න ගියොත් අන්තිමේදී කන්න වෙන්නෙ පොලියත් එක්ක.
ඉඩම් සහ පොලිස් බලතල කිසිවිටෙක පළාත් සභාවලට දෙන්න එපා. මධ්‍යම රජය යටතේ තබා ගන්න. දෙමළ දේශපාලකයෝ බල කරනවා නම් අපේ අසල්වැසියාගෙන් ගන්න කියන්න.
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයන්ට දේශාලන බලය බෙදීමක් අවශ්‍යමද ? පාර්ලිමේන්තුවේ ඇමති තනතුරු ලබා ඔවුන්ගේ ජනතවට සේවය කිරීමට උතුරු නැගෙනහිර දේශපාලකයන්ට මතුව තිබෙනාවූ ගැටළු සහ බදාවන් මොනවද? යම් හෙයකින් බලය බෙදීමක් සිදු උවහොත් ඔවුන්ගේ දේශපාලන බලය යොදාගැනීමේ සිමාවන් මොනවාද? බලය ලබාගැනීම් සදහා සහ බලය ලබාගැනීමෙන් පසු ඔවුන් අතර කල්ලි කණ්ඩායම් ගැසී බලය වෙනුවෙන් ද්‍රවිඩ දේශපාලන කණඩායම් අවි ආයුද ගැනීම සිදු නොවන බවට තහවුරු කල හැකිද ? යලිත් ප්‍රබකරන්ලා, උමා මහේස්වරන්ලා, කිට්ටුලා, කුට්ඨමනි, අන්ටෝන් බලසින්හම්ලා කරුණලා වැනි ත්රස්ත නායකයන් බිහි නොවනබවට තහවුරු කල හැකිද ? ඉන්දියාවෙන් තමිල් නඩුවෙන් අවි පුහුණුව ලබා ගැනීමට කටයුතු කිරීම සිදුවනු ඇත. ද්‍රවිඩ, මුස්ලිම් හෝ සිංහල නොව ශ්‍රී ලාංකිකයන් වසයෙන් සිතා කටයුතු කිරීමට පසුබිම නිර්මාණය කර ගත යුතුවේ
හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේදී බෙරිහන්දීපු සිංහයාගේ පුතා ඔය යස අගේට හොරත් එක්ක ඉඳන් ඉන්නේ ඇඳුම් ඇඳගෙනද ?
රනිල් කියන්නේ රාජපක්ෂලාගේ ආරක්ෂකයා. දූෂිත පවුල් පාලනේ උන්ව රකින්නේ එයා.
මම. ශිරන්ති රාජපක්ශ. ඇත්තම කිව්වොත්. එක එක වේලවටා. බැසිල් රාජපක්ශ. නාමල් රාජපක්ශ වෙන්නත් පුලුවන් ගෝටබය රාජපක්ශ තමයි මේ තැන මට දුන්නෙ. ඉතින් එ පමපරාව සුරකින් එක ම්ගෙ යුතුකම.
සුමන්තිරන්ට අමු කැවිලද? මහින්ද 13 කිව්ව එකට ගොයියා රැවටිලා. මහින්ද ජනාධිපති උන දවසට 13 ලැබේවි. හැබැයි ඊට කලින් එළුවාගේ අඩේ වැටේවි. 13 පස්සේ යන්නේ නැතුව එළුවා පස්සේ යන එක හොඳයි.
සුමනේ කියන දේ හරියටම හරි! ඔබලාව ජනාධිපති ධූරයට පත් කළේ රාජපක්ෂලා, අදත් ඔබව ආරක්ෂා කරන්නේ රාජපක්ෂලා නිසා ඒ නිසා ඔබ යැපෙන්නේ රාජපක්ෂලාගෙන්.
රනිල් රාජපක්ෂ නෙමෙයි රජරනිල්පක්ෂ .බලන්න රාජපක්ෂලාට ගෑවිලා වත් නැහැ නේද ?
උප්පැන්නෙ අලුතෙන් ලියාගෙන දැං අවුරුද්දක් විතර ඇති මයෙ හිතේ... ඒ හන්දා මතක නැතුව ඇති.. පවු..
ඔව් ,ඔබ රාජපක්ෂ නොවෙයි .රට විනාශකරන්න රාජපක්ෂ වරුන්ට අන්තයි
මහින්ද වික්‍රමසිංහ
බුරුසු රැවුලක් නැතිවුනාට රනිලාට මහින්දට වඩා කොන්දක් තියෙන පාටයි.
හරිම හොඳ වැඩක් ජනාදිපති තුමනි ... මේ ගැටලුව ඉක්මනට විසදමු .....
ඉස්සර රනිල් හොරා හොරා කියලා කෑ ගහපු බොරලුගොඩ නරි -දැන් බලයට තියන කෑදර රනිලාගේ කකුල් ලෙවකන්න
මේ හදන්නේ නැති අවුලක් ඇති කරලා, ඒ මතින් තවදුරටත් බලයේ ඉන්න උපක්‍රමයක් හොයන්නයි. බලය බෙදීමට උත්සහා කරන විට රාජපක්ෂ පාර්ශවයේ බොරු දේශප්‍රේමියෝ රටතුල කලබල ඇතිකරලා ඒ හරහා පිං ජනාපතිට හදිසි නීතිය හා ත්‍රස්ත මර්ධන නීතිය රට තුල ක්‍රියාත්මක කරන්න, රාජපකේෂගේ එහෙයියන් ගැත්තන් ලගින පාර්ලිමේන්තුව මගින් පහසුවෙන් හැකියාව තියෙනවා. ඒ හරහා සමහර වෙලාවට හදිසි නීතිය යටතේ ජනාධිපති මැතිවරණ කල් දැමීමක් වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ රනිල් රාජපක්ෂ ජනාධිපති වෙලා තවදුරටත් බලයේ සිටීම රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ආරවුල් විසදා ගන්නත් රටතුල තමන්ට ඇති අප්‍රසාදය අවම කර ගන්නත් හොද උපායක් ලෙස ඔවුන් සිතනවා ඇත.
උතුරට නොවෙයි, ලංකාවේ සියලුම පළාත් සභාවලට බලතල හා ස්වයං පාලනයක් ලබා දෙන්න. ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කරන්න. ලෝකයේ දියුණු රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රමයයි. මධ්‍යම ආණ්ඩුවට සියල්ලම බදාගෙන සියල්ල හෝ කිසිවක් කළ නොහැකියි. ඒ වගේම පළාත අනුව ජනතාවගේ අවශ්‍යතාවයන් හා ජීවන රටාව වෙනස්. ඒ නිර්ණායකයන් සැලකිල්ලට ගෙන ඒ ඒ පළාත්වල තිබෙන ගැටළුවලට විසඳුම් ලබාගත හැකියි. ලංකාවේ තක්කඩි දේශපාලකයින් හා තක්කඩි පූජකයින් රැලක් නිසා තමයි මේ පළාත් සභා ගැටළුවට විසඳුම් ලබාදීමට නොහැකිවී තිබෙන්නේ. යම් ලෙසකින් උතුරට ස්වයං පාලනයක් ලබා දුන්නොත්, එය ලංකාවේ දියුණුම පළාත් සභාව වෙන එක නම් සිංහල ජාතිවාදී නිකමුන්ට වළක්වා ගැනීමට නොහැකි වේවි... නැගෙනහිර පළාත වුණත් එසේම තමයි. මේ දිනවල උතුරේ මදාවි ද්‍රවිඩ තරුණයෙක් යොදාගෙන සිංහල දේශපාලකයින් කරන විගඩම ගැන උගත් ද්‍රවිඩ දේශපාලකයින් කලබල විය යුතු නැහැ.