IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ළමා රෝහලේ බාහිර රෝගී අංශය ලෙඩ වෙයි

(යොහාන් භාසුර)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු අද (19) පෙරවරු 8.00 සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම වැඩ වර්ජනය ආරම්භ කළ බව කී වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අදාල විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් ඇති බව ද සඳහන් කළේය.
එම රෝහලේ අධ්‍යක්ෂවරයාට එම ගැටලුව විසදීමට අසමත්වීම නිසා ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීමෙන් පසුව සතියක කාලයක් විසඳන බව පැවසුව ද මේ වන විට සති තුනක් ගත වී තිබුණ ද විසඳුමක් නොලැබුණු බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

ළමා රෝහලේ බාහිර රෝගී අංශය ලෙඩ වෙයි

පුරවැසියෙක්... Wednesday, 19 July 2023 10:37 AM

රෝහලෙහි එක් වෛද්‍යවරියෙකගේ ප්‍රශ්ණයකට කුඩා දරුවන්ගෙන්ද පළි ගන්නෙ. මොන්ටිසෝරි පොඩි උන් කරන වැඩ වගෙයි අපිට නම් පෙනෙන්නෙ. සෞඛ්‍ය සේවයට නම් දෙවියන්ගේම පිහිටයි. ( අතීතයේ වෛද්‍යවරුන්වත් සැලකුවේ දෙවිවරුන් ලෙසයි. නමුත් අද කියන්න සිදුව ඇත්තේ කුමක්ද ?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site