IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නුවරඑළියට විශ්වවිද්‍යාලයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උඩරට වතු ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් ගත වෙන බව කී අධ්‍යාපන අමාත්‍යවරයා ඒ නිමිත්තෙන් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා රජය සමග වැඩපිළිවෙළක් සංවිධාන කර තිබෙන බව පැවසීය.

අදාල කටයුතු සොයා බැලීමේ කටයුතු වෙනුවෙන් තමා කොටගලට ප්‍රදේශයේ සංචරය කළ බවද අමාත්‍යවරයා කීය.

කිසිම ප්‍රජාවකට අසාධාරණයක් නොවන පරිදි  කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (8)

නුවරඑළියට විශ්වවිද්‍යාලයක්

SISIRA Wednesday, 19 July 2023 10:50 AM

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව පැවසීම සතුටට කරුණකි. ඔහුගේ පුද්ගලික මුදලින් මෙය සිදුකරනා බව පැහැදිලිය.

:       4       7

පුරවැසියෙක්........ Wednesday, 19 July 2023 10:50 AM

පවතින විශ්ව විද්‍යාල 17 නිසියාකාරයෙන් පවත්වාගෙන යාමට නොහැකිව තිබියදී තවත් එකක් කරන්නේ කෙසේද ?

:       3       10

Perera Wednesday, 19 July 2023 12:54 PM

ඔකට ආචාර්ය මහාචාර්ය වරුන්ව පිට රටින් ආනයනය කරන්න වෙවි.

:       0       7

ලුම්බිණි Wednesday, 19 July 2023 02:18 PM

නිකම් බොරුවට සල්ලි නාස්ති නොකර ඉන්නවාද? එක එක මනුස්සයාට හිතෙන හිතෙන විදියට කරපු වැඩවලින් මුළු රටම අනාථවෙලා දැන් ඉන්නේ...!

:       1       8

සල්ලි Wednesday, 19 July 2023 04:27 PM

හරිම ආස්වාද ජනකයි.. එයාගේ හීන් නූලේ පුවත්, අනික ඔය පුවත නිලධාරියෙක්ට ප්‍රකාශ කරන්න බැරිද...?

:       0       1

ජයශ්‍රී Wednesday, 19 July 2023 04:28 PM

හුඟක් අය ඊරිසියයි තව විශ්ව විද්‍යාල ඇරලා වැඩිපුර අය ඉගෙන ගන්නවාට...!

:       3       0

LallaThursday, 20 July 2023 08:16 AM

තියන ටික පවත්වාගෙන යාම ගැන හිතන්න ඕන නේද?

:       0       0

rattu Thursday, 20 July 2023 08:51 AM

තොන්ඩගේ චන්දෙ බලාගෙන කරන මහජන මුදල් නාස්තියක් .තලවකැලේ ශ්‍රීපාද විද්‍යාපීඨ වගේ 75% වතුදෙමල විතරද ගන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site