
(සමන් පාලිත නානායක්කාර )
දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකු ගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද (19) අලුයම හමුවූ බව දියතලාව පොලීසිය කියයි.
දියතලාව පොලිසියට අනුයුක්තව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ට අයත් යතුරු පැදියක් මෙසේ රැගෙන ගොස් ගිනි තබා ඇති බව පොලීසිය කියයි.
රාත්‍රී අමුත්තන්ගේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටින අතරතුර බීමත් තීරෝද රථයක් දියතලාව නගරයේ දී අත්අඩංගුවට ගෙන යතුරුපැදිය නගරයේ එම ස්ථානයකම නවතා අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථ පදවා ගෙන උප පොලිස් පරීක්ෂක වරයා පොලිසියට රැගෙන ගොස් තිබේ.
පසුව නැවත ගොස් යතුරු පැදිය ගෙන ඒමට ගියද එම ස්ථානයේ නොතිබීම නිසා සොයා බැලීමේදී එය දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ ගිනි තබා තිබියදී හමු වූ බව පොලිසිය කියයි.
යතුරුපැදිය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබූ බවද පොලිසිය කියයි.
මෙසේ යතුරු පැදිය පැහැරගෙන ගිනිතබා විනාශ කළ පුද්ගලයන් සොයා කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද දියතලාව පොලීසිය කියයි. දියතලාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා