IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කන්තලේ කොල්ලකුට රජ පවුලෙන් ලියුමක් ඇවිත්

(අමදෝරු අමරජීව)

එංගලන්තයේ රජු වන තුන්වැනි චාල්ස් රජුට හා රජ බිසව වන කැමිලා බිසවට රාජාභිෂේකයට සුබ පැතුම් එක්කළ කන්තලේ තරුණයකුට රජුගේ හා බිසවගේ අත්සනින් යුතුව සුබ පැතුම් එක් කළාට ස්තුතිය පළ කරමින් බකීම් හෑම් මාලිගය විසින් කාඩ්පතක් හා තැපැල් කර එවා  තිබේ.

රාජාභිෂේකය වෙනුවෙන් තමන් සකස් කළ රුපියල් 300/ මුද්දර අලවා එංගලන්තයේ බකීම් හැම් මාලිගාවාට යැවූ බවත් මෙම සුබ පැතුම් පතට රජු පවුලේ ඡායාරූපයක් හා අත්සන් සහිත ස්තුතිය පලකර බකීම්හැම් මාලිගයෙන් එව් කාඩ්පතක් තමන්ට ඉකුත් 15 වැනිදා ලැබුණු බවත් කන්තලේ ආර්.ඩබ්ලිව්. මලිත් තිවංක තරුණයා පවසයි.

කන්තලේ, වෙන්ධ්‍රාසන් පුර යුනිට් 16 පදිංචි ආර්.යූ. මලින් තිවංක තරුණයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය. රාජාභිෂේකයට සුබ පැතුම් එක් කිරීමට මම රජ පවුල ආමන්ත්‍රණය කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති විශේෂ වචන මාලාවක් අන්තර් ජාලයෙන් සොයාගෙන මම  මේ සුබ පැතුම  යැව්වා. ඒත් පිළිතුරක් ඒවි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

රාජකීය පවුලේ නිල මුද්‍රාව සහිත ලිපි කවරයට බහා මට ස්තුති කර කාඩ්පතක් මට එවා තිබුණා. බකීම්හැම් මාලිගයෙන් මෙවැනි පණිවුඩයක් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ ඉතා කලාතුරකින් යැයී කීය.



අදහස් (8)

කන්තලේ කොල්ලකුට රජ පවුලෙන් ලියුමක් ඇවිත්

Anton Narangoda Wednesday, 19 July 2023 09:00 AM

ඉතා කදිමයි. හොඳ පියවරක්...... සුභ පැතුම්...... සහ සියලු සුභ පැතුම්.

:       1       16

janahitha Wednesday, 19 July 2023 09:14 AM

ශා මරුනේ. මෙම තරුණයා අපේ රටේ රජකමට සුදුසුයි

:       7       9

hasitha Wednesday, 19 July 2023 11:28 AM

අපේ මහින්ද මහත්තයා අවුරුද්දට සුබපැතුම්... SMS එව්ව ඒවා ඔයාලට මතක නෑ...

:       1       5

Ruwan Wednesday, 19 July 2023 11:50 AM

තවමත් සුද්දන්ට කත් ඇදපල්ලා .අපේ රටට කරපු විනාශය දන්නේ නෑ කවුරුත් දැන්

:       12       12

Dhammika WickramasinghaWednesday, 19 July 2023 12:52 PM

හොඳයි

:       1       3

Bamunuarachchi Thursday, 20 July 2023 10:42 AM

මොකක්ද මිනිහෝ රටට කරපු විනාසේ? සුද්දා මෙරටට නොඑන්න උඹලා අපි තාම වඩුග පාලනය යටතේ. සිංහල නම් වලින් සිටිය වඩුගයෝ අපිව රාජ පරම්පරා 5 පාලනය කලා උන්ගේ ගැහැණු හිටියේ දෙමළ නම් වලින්. සුද්දා නොඑන්න උඹලා ඔලුව නමන්නේ ඒ දෙමළ බිසවලාට. සුද්දා නොසිටියානම් දෙවන ලෝක යුද්දේ දී අපිව ජපනා අල්ලාගෙන වහල්ලු කරගෙන. රටට පරිපාලන සේවයක්, පාර්ලිමේන්තු පාලනයක්‌ හදලා දුන්නේ සුද්දා. සුද්දා නිසයි අද අපි අන්තර්ජාල පහසු කම් ලබන්නේ. මෙයා පරණ ජෙප්පෙක් වෙන්න ඕනේ.

:       0       3

Perere Wednesday, 19 July 2023 01:36 PM

මේක මහ ලොකු දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක් රජ තුමා ට සුබ පැතුමක් යැව්වොත් ඒකට ස්තුති කරලා ලිපියක් එවනවා එහෙම සම්ප්‍රදායක් තියනවා කියලා නොදන්න අයට මැජික්.

:       1       4

Bamunuarachchi Friday, 21 July 2023 04:25 AM

කවුද මෙතන නොදත් අය? තුම්සේ සුබ පැතුවේ නැහනේ. ඒ පුද්ගලයා සුභ පැතුවා ඒක පැසසියයුතු දෙයක්. ඔහේ නොම්මර එකේ කුහකයෙක්. මෙහෙව් කුහකයින්ටත් මේ රටේ ඉඩ තිබෙනවානේ. පව් ලංකාව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site