ජනතාවට ඕන ’’යකා’’ එක්ක හරි රට ගොඩගන්න ජනතාවට දැන් අවශ්‍ය වන්නේ ’’යකා’ එක්ක එකතු වෙලා හෝ ආර්ථිකය ගොඩනගන්න යැයි සහාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2022
සමහර දේශපාලඥයන් නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවේ මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 November 2022
’’කැන්ටිමේ දී කංසා හොඳයි සභාවේ දී නරකයි’’ කංසා වගාව සම්බන්ධයෙන් අයවැයේ කළ යෝජනාව ගැන පාර්ලිමේන්තු කැන්ටිමේ දී හොඳ කියන විපක්ෂයේ සමහරු සභා ගැබට ඇවිත් එම යෝජනාවට බැන වදින බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2022
මාලිගාවත්තෙන් ආයුද ගබඩාවක් අල්ලයි මාලිගාවත්ත බෝධිරාජ මාවත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගියේ තියුණු ආයුධ ගබඩාවක් වටලා වයස අවුරුදු 22ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 21 November 2022
සුරංගනා කතා කියා වත්මන් පරපුර මුලා කරන්න බෑ හිස් වචන කතා කිරීමෙන් හෝ සුරංගනා කතා කීමෙන් වත්මන් පරපුර වල්මත් සිතීම මුලාවක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 November 2022
ප්‍රංශ සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (21) දින උදෑසන පැමිණියහ. 21 November 2022
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක වාහන 48 එකට ගැටේ ඉන්දියාවේ පූනේ සිට බැංගොලෝර් නගරය දක්වා දිව යන අධිවේගී මාර්ගයේ නවාලේ පාලම අසලදී දරුණු රිය අනතුරක් සිදු වීමෙන් වාහන 48 කට අලාභානි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 21 November 2022
කාබනික පොහොර සමාගමක් අසාදු ලේඛනයට ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය. 21 November 2022
අද දවස වැසි රහිත කාලගුණයක් නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් පැවති පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් තමිල්නාඩු සුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 November 2022
පොලිස් ලොක්කෝ වසර තුනකට වැඩිනම් මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පැවසීය. 21 November 2022
දුම්රිය පාලම් 850 ක් අබලන් සුප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850 ක් පමණ මේ වන විට අබලන්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 November 2022
මහඉලුක්පල්ලමට කඩා වැදුණු පිරිස අල්ලන්නැයි කෘෂි ඇමතිගෙන් පොලිස්පතිට ලිපියක් මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලත්කාරයෙන් ඇතුල් වු පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබේ. 20 November 2022
මහඉලුප්පල්ලම මරණ මංචකයේ අනුරාධපුර, මහඉලුප්පල්ලම පිහිටි රජයට අයත් ක්ෂ්‍රේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීරණය අයත් මහජන දේපල රැසක් විනාශයට පත්ව ඇතැයි ජාතික ගොවි ජන එකමුතුව චෝදනා කරයි. 20 November 2022
ක්‍රිකට් ක්‍රීඩකයෝ ජනපතිට දුක කියන්න සූදානම් වෙති ඕස්ටේ්රලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම් වන බව දැනගන්නට තිබේ. 20 November 2022
කෘෂි අමාත්‍යංශයේ කඩදාසි සොරාගත්තැයි කාර්ය සාහයකයෝ මාට්ටු බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කාර්යාල ගබඩාවේ තිබූ ඡායා පිටපත් කඩදාසි බණ්ඩල් 300ක් සොරා ගැනීම සමබන්ධයෙන් එහි සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 20 November 2022
කෝටි 12 වංචා කළ සහෝදරියෝ ව්‍යාජ ලේඛණ සකස් කර නොර්වේ රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුගෙන් රුපියල් කෝටි 12 කට අධික මුදලක් බැංකු ගිනුම් 23කට බැරකරගෙන වංචා කළ යාපනය ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 20 November 2022
රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමාකරයි ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. 20 November 2022
කොටුව වැල්ලවත්ත අතර දුම්රිය ධාවනය යථා තත්වයට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර අබලන් වී තිබූ දුම්රිය පාලම යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2022
සුපිරි තරු පිරිවාරාගත් ‘ලංකා ටී10’ ශූරතාවලිය ලබන වසරේ ජූනියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන ‘ලංකා ටී10’ පිරිමි සහ කාන්තා තරගාවලිය ලබන වසරේ ජූනි මස පැවැත්වේ. මෙම ‘ලංකා ටී10’ තරගාවලියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් සංවිධානය කරන පළමු ටී10 තරගාවලිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 20 November 2022
මෛත්‍රීගේ රහස් පොත ජනවාරියේ එළියට ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බවත්, එය ලබන ජනවාරියේදී පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවසීය. 20 November 2022
පොලිසියෙන් වෙඩි කෑ සිසුවා සාමාන්‍ය අතට තිහගොඩ පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි පහරකින් හිසට බරපතල තුවාල ලද පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවු බව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හරෂණි ඔබේසේකර මහත්මිය පැවසුවාය. 20 November 2022
දුම්රියේ වෘත්තීය සමිතියක් ලොක්කෝ රවට්ටලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘‘නව දුම්රිය සේවක එකමුතුව‘‘ නමැති වෘත්තීය සමිතියේ ප්‍රධාන නිලධාරීන් ව්‍යාජ ලිපි ලේඛණ සකසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හා වෘත්තීය සමිති කොමසාරිස්වරයා නොමඟ යවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 20 November 2022
පවුල් ආරවුල දුරදිග යයි:පියා මරුතුරුලට යයි ඌරුබොක්ක, කැටවලගම වැලිපතහේන නිවසක ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් දරුවන් දෙදෙනකු හා මුණුපුරකු එකතු වී පොල්ලකින් හා තේ පිහියකින් හිසට පහර සිය පියා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි. 20 November 2022
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පහක් මරුට: 18 රෝහලට ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලැබූ බව කොලරාඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත . 20 November 2022
විදෙස් රැකියා දෙන්න ගිය හතරක් මාට්ටු රුමේනියාවේ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ විදේශිකයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙක් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 November 2022
හාම්පුතා සොයා පොලිස් කූඩුවට ආ බිංදු පොලිස් අත්අඩංගුවට ගත් තම ස්වාමියා සොයා පොලිස් රිමාන්ඩ් සිරමැදිරිය අසල ගිය සුනඛයකු සම්බන්ධ සිද්ධියක් බුලත්සිංහල පොලිසියෙන් වාර්තා වේ 20 November 2022
කංසා වවන දිනය ඇමති කියයි ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 20 November 2022
ස්ටෙෆෙනි ඕමානයේදී ආපදාවට පත්වූ කාන්තාවන්ට සහාය එයි ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 20 November 2022
‘‘කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ‘‘ රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ. 20 November 2022
ග්ලයිපොසේට් තහනම ඉවතට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ. මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 20 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025