කංසා වවන දිනය ඇමති කියයි ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 20 November 2022
ස්ටෙෆෙනි ඕමානයේදී ආපදාවට පත්වූ කාන්තාවන්ට සහාය එයි ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 20 November 2022
‘‘කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ‘‘ රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ. 20 November 2022
ග්ලයිපොසේට් තහනම ඉවතට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ. මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 20 November 2022
මාර්ග අධිකාරියේ 1000 කට ස්ථාන මාරු මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා සියලු කාර්යාලවල වසර දහයකට වැඩි කාල සීමාවක් තිස්සේ එක දිගට සේවය කරන දහසකට ආසන්න සේවක පිරිසකට ලබන ජනවාරි මාසයේ මාරුවීම් ලබාදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 20 November 2022
ඕමානයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම් ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 20 November 2022
ජනපති මන්නාරම් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 20 November 2022
මෙරට දරුවන් 56000 කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 2.26 කට මානුෂීය සහාය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි. 20 November 2022
විදේශ සේවයට අලුතින් නිලධාරීහු හතළිහක් විදේශ සේවයේ පුරප්පාඩු 40ක් ළගදීම පුරවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 20 November 2022
දුම්රිය පාර දිරයි:කාලසටහනත් වෙනස් වෙයි දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 20 November 2022
රට රැකියා සිහිනය බොඳ කළ බෙහෙත් ශාලාවක කළමනාකරු මාට්ටු පෝලන්ත රටේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 20 November 2022
කාන්තා ජාවාරමේ තවත් ජාවාරම්කරුවකු අල්ලයි ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාවාරම්කරුගේ දේශීය නියෝජිතයා ද අද (20) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය. 20 November 2022
ලංකාව අයකුත් වැයකුත් මුකුත් නැති රටක් වෙලා ලංකාව දැන් අයත් වැයත් මොකුත් නැති රටක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 20 November 2022
අධිවේගී සැප බස් වර්ජනය නතර කරයි අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය. 20 November 2022
ආවා සාමාජිකයෙක් මාට්ටු තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහරදී තුවාල සිදුකිරිම සහ නිවාස සහ වාහනවලට පහර දී අලාභහානි කිරීම, සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි ’’ආවා’’ කල්ලි සාමාජිකයකු කයිට්ස් නාරන්තනෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 November 2022
ධීවර හා නාවික පිරිස්වෙත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින බවත්, එය අද (20) දිනය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තමිල්නාඩු සුදුචෙරි වෙරළ වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2022
බැසිල් දිවයනට හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. 20 November 2022
මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 20 November 2022
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේන ජනපති හමුවෙයි ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 20 November 2022
හැඳුණුම්පතටත් දඩ මුදලක් එයි පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත. 20 November 2022
‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘ කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත. 19 November 2022
ගුවන් යානා කුලියට අරන් කෝටියක පොලු තියලා රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 19 November 2022
බැසිල් හෙට දිවයිනට පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙට (20)දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 19 November 2022
මන්ත්‍රීවරු ගමට යන්න සල්ලි ඉල්ලති එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. 19 November 2022
වවුනියාවේ සංචාරයට ආ ජනපතිට විරෝධය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාව සංචාරයට විරෝධය දක්වමින් හා යුද සමයේ අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරත වූහ. 19 November 2022
’’නීති විද්‍යාලයේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කරන්න යනවා’’ නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ගාස්තු රුපියල්15,000සිට 60,000 දක්වා වැඩි කිරීමට යන බව ආරංචි වන හෙයින් එය වහා නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 19 November 2022
ජනාධිපති වවුනියාවේ සංචාරයක ජනාධිපති කාර්යාලයේ උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකකයේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) වවුනියාවේදී සිදුකෙරිණ. 19 November 2022
’’ආයෝජකයන් අද ලංකාව බලාගෙන බත් කන්නෙත්වත් නෑ’’ මෙරටට ආයෝජකයෙකු පැමිණියහොත් වැඩි කල් යන්නට පෙර ඔහු ලංකාව බලාගෙන බත් කන්නේවත් නැති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
දේශපාලකයො හොරා කන්නේ චක්‍රලේඛවලට උඩින් රාජ්‍ය නිලධාරියා චක්‍රලේඛවලට යටින් සොරකම් කරද්දී දේශපාලඥයා චක්‍රලේඛවලට උඩින් සොරකම් කිරීම නිසා පැය විසි හතරෙන් ඔවුන් බඩු සමග මාට්ටු වන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
ඩයනා - සජිත්ට අභියෝග කරයි බ්ලේඩ් තලවලින් මාර ගස් කැපීමට බලාපොරොත්තු නොවන ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 19 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025