
(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ යළි සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබු අතර ඊට අදාල වාර්තාවක් ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
2021 රසායනික පොහොර තහනමත් සමග ඇති වූ වී ඇතුළු අනෙකුත් දේශීය ආහාර බෝග නිෂ්පාදනයන්හි කඩාවැටීම නිසා 2022 වසරේ දී ඩොලර් මිලියන 400ක් වැය කර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කළ අතර අනෙකුත් ආහාර බෝග ද ඒ අන්දමින්ම ආනයනය කිරීමට සිදුවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබා දීමට ගත් පියවර සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝග වලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝග හයකින් රට ස්වංපෝෂිත වෙයි
Hasith Wednesday, 19 July 2023 11:23 AM
මිනිසුන්ට ගන්න බැරි තරමට ගණන් උනාම ඉතින් ස්වයංපොශිත ද ?මුං ඇට කිලෝවක රුපියල් 1000 ක් පැනලා
sweneWednesday, 19 July 2023 02:32 PM
අද මම ගියා ඉතා ජනප්‍රිය සුපිරි වෙළඳ සැලකට... එතැන මුං අට කිලෝඑකක් රුපියල් 1500යි...!.
ravin Wednesday, 19 July 2023 11:54 AM
මේ කියන සියලු බෝගවල සිල්ලර මිල පිළිබඳව සමීක්ෂණයක් කළහොත් දැකගත හැකිවේවි ස්වයංපෝෂිතය ගැන .උදාහරණ ලෙස පොදුවේ තිබෙන බැදපු රටකජු ග්‍රෑම් 100 ක රුපියල් 200.00 ස්වයංපෝෂිතයි කියන්න පෙර (දැනට අවුරුදු 1 ට පෙර )රුපියල් 100.00 යි
ජනික් Wednesday, 19 July 2023 12:00 PM
වසින් ස්වයංපෝෂිතයි.
Nimal Wednesday, 19 July 2023 12:41 PM
කවුරුත් කන්නේ නැති වුණාම ඉතින් ඕනෑම දෙයක් ස්වයංපෝෂිත තමයි. ඒ අතින් ගත්තොත් ලංකාවේ ගොඩක් ආහාර ජාතිවලින් ස්වයංපෝෂිතයි දැන්.
ana Wednesday, 19 July 2023 02:28 PM
අපේ වත්තේ කොස් අතිරික්තයක් තියෙනවා ඇමැතිතුමා...!
Perera Wednesday, 19 July 2023 04:25 PM
මන්දපෝෂණයෙනුත් ස්වයංපෝෂිතයි.
Cha Wednesday, 19 July 2023 07:44 PM
හොරිකඩ දේශපාලුවන්ගේ අතිරික්තයක් තියෙනවා..
පැරකුම් Thursday, 20 July 2023 04:23 AM
අවශ්‍යතාවයක් නොමැති නම් දැන් ඔය සහල් ආනයනය කරන්න යන්නේ කාගේ වුවමනාවටද?