IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාන් පිටි මිල වැඩි කිරීමට සිදුව  ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන්  මුදල් රැස් කිරීමට සිදුවී ඇති නිසා යැයි  ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

සෑම ජනාධිපතිවරණයකටම මුදල් රැස් කරන්නේ පිටි සමාගම් බවද ඔහු කීවේය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොලේ තිරිඟු පිටි අඩු වෙමින් තිබියදී තිරිඟු ඇට අඩු වෙමින් තිබියදී ඩොලරයේ  අගය අඩු වෙමින් තිබියදී පිටි සමාගම්   ඒ වාසිය  පාරිභෝගික ජනතාවට දෙන්නේ නැහැ. මම දන්නවා ජනාධිපති ඡන්දයේදී අරමුදල හදන්නේ මේ අයගේ සල්ලිවලින්. ඒ නිසා මේ සමාගම්වලට වෙන ආකාරයෙන්  මුදල් උපයා ගන්න අවස්ථාව දෙනවා. මේක තමයි තියෙන එකඟතාව. මේගොල්ලන් හැම ජනාධිපති ඡන්දයකටම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය. එළැඹෙන ජනාධිපතිවරණයට අරමුදල් එකතු කිරීමට සිදුවී ඇති නිසා  තමයි පිටි අධික මිලකට පාරිභෝගික ජනතාවට  දීමට සිදුවී තිබෙන්නේ. මේ ගැන පිළිතුරු දීමට අගමැතිතුමාට සභානායකතුමාට  අපහසුවක් තියෙන බව මම දන්නවා.



අදහස් (10)

ජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර හෙළි කරයි

HELAYA Wednesday, 19 July 2023 12:04 PM

ගම්වල ඉගෙනගන්න කෙල්ලො, කොල්ලන්ගේ අනාගතය විනාශ කරලා... හන්දි ගානෙ කට හොල්ලලා ගන්න සල්ලි කොහාටද පොම්ප කරන්නේ?

:       27       15

ANURA ROME Wednesday, 19 July 2023 12:26 PM

ඔබලාගේ දෙපිටකාට්ටු නිහීන වැඩවලට සල්ලි පොම්ප කරන්නේ කොහෙන්ද කියලත් කියනවද? රට ගිනි තියන අපතයින්...

:       84       24

senaWednesday, 19 July 2023 02:28 PM

පිටිමිල අඩුවෙන්නේ නැත්තේ මොකද කියන එක තේරුම් ගන්නේ නැතුව ඒ මනුස්සයාට බැනලා ඇති වැඩේ මොකක්ද?

:       10       20

මැක්ස් Wednesday, 19 July 2023 12:33 PM

අම්මෝ මෙහෙමත් සාන්තුවරයෙක්. දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාලාට ඡන්දවලට, පෝස්ටර් ගහන්න, කටවුට්, බැනර් ගහන්න (පෝස්ටර් කටවුට් වලට අච්චර වියදම් කරනවා මෙච්චර වියදම් කරනවා කියලා ඒ දවස්වල අනුන්ට කෑගැහුවාට ඊයේ පෙරේදා අර නොකෙරුණු පළාත් පාලන ඡන්දෙ ප්‍රචාරණයට ඔබතුමාලා කළ දැවැන්ත වියදම රටේ ජනතාව විදිහට අපිත් දැක්කා). මුදලාලිලා, කොම්පැනි කාරයින් උදව් කරන්නේ නෑ කියලද? ජවිපෙ අන්ධ භක්තික දායකයින්ට නම් ඔය බොරු වීර කතා හොඳයි. අනිත් මිනිස්සු දන්නවා කයියනායක සහෝදරයන්ගේ කෙරුවාව.

:       103       26

vernon Wednesday, 19 July 2023 01:15 PM

එතකොට අර පක්ෂ මූලස්ථානේ හදන්න ටයිල් දුන්නේ කවුද? අඳින, පලඳින හෑම දේම යාළුවෝ දුන්නා කියන්නෙ ඒ කාටද...?

:       21       15

kasun Wednesday, 19 July 2023 02:50 PM

පොඩ්ඩක් චොරවෙලා නේද ඉන්නේ දැන්...? අර කලින් තිබ්බ මිනිස්සු අවුස්සලා කචල් දාන එකට මිනිස්සු එන්නේ නැහැ වගේ නේද? ඔයාලත් කරන්නේ මිනිස්සු අන්දන එක තමයි.

:       25       19

demian Wednesday, 19 July 2023 02:54 PM

ඔය ලස්සන කතා හොදයි ජෙපි වහල්ලුන්ට නම්. නායකයොන්ට යන වාතයත් සුවඳයි කියල අදහලා ගඳයි කියාපු එකාව මරන්න පුච්චන්න යන මෝඩ සෙට් එකක්නේ ඉන්නේ.

:       22       15

Kazi Shajahan Wednesday, 19 July 2023 03:22 PM

පිටි විතරක් නෙවෙයි, තව ගොඩක් බඩුවලින් සීනි, ඩීසල්, පෙට්‍රල්... ජනතාවගෙන් මුදල් එකතු වෙනවා. බත් කන හරකුන්ට ඕවා තේරුමක් නැහැ...

:       7       17

Dinesh Wednesday, 19 July 2023 07:12 PM

හඳ පෙන්නුවාම ඇඟිල්ලට බනිනවා.

:       0       0

ANURA ROME Wednesday, 19 July 2023 07:49 PM

කසී නැමැත්තා වලිගය උස්සයි. මෙයාලා තමයි වහල්ලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site