IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙදරු මවයි, එක්දරු පියයි අභිරහස් ලෙස මියගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තෙමහල් නිවසක උඩුමහලේ කාමරයක තාවකාලිකව පදිංචිව සිටි එක් දරු පියාගේ අභිරහස් මියගොස් ඇති අතර ඔහු සමඟ එම කාමරයේ ගතකළ එක්දරු මවකගේ සිරුර එම කාමරේම බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව කොහුවල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හම්සර් කුමාර්  හා බාලසුබ්‍රමනියම් යෝගේස්වරි නැමැති  දෙදෙනෙකි

මීට දින තුනකට පමණ ඉහතදී ( එනම් 13 වෙනි දින) මියගිය මොවුන් දෙදෙනා එම කාමරයේ පදිංචියට පැමිණ ඇති අතර කාන්තාව මෙහෙකාරියක් ලෙසත් පිරිමි පුද්ගලයා කුලී වැඩ කරන්නේක් ලෙසත් නිවෙස් හිමියාට හඳුන්වා දී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

කාමරේ පදිංචියට පැමිණ දින 2ට පසු මියගිය පිරිමි පුද්ගලයා ඔහු රැකියාව සිදුකළ ස්ථානයට වැටුප් ලබා ගැනීමට යන බව කාන්තාවට පවසා උදෑසන පිටව ගොස් එදිනම දහවල් දොළහට පමණ ආපසු පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී කාන්තාව ද ඇඳ වෙත ගොස් සල්ලි ගත්තේ නැද්දැයි විමසීමේදී හිස වනා නැහැ යනුවෙන් පවසා තිබූ බව කාන්තාව 15 වෙනි දින පොලිසියට ලබාදුන් ප්‍රකාශ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

නිවෙසට පැමිණි මද වේලාවක දී එම පුද්ගලයාගේ නහයෙන් ලේ ගලා එන දුටු කාන්තාව මේ බව නිවසේ හිමිකරුට පැවසීමෙන් ඔහුගේ දැනුම් දීම මත 1990 සුව සැරිය ගිලන් රථයෙන් පැමිණි තිබූ සෞඛ්‍ය සහයකයන් එම පුද්ගලයා පරීක්ෂාකර බලා ඔහු මියගොස් ඇති බවට දැනුම් දීමෙන් අනතුරුව ඒ බව පොලීසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කිරීමට කටයුතු යෙදිණි.

එකි පුද්ගලයාගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ට බාර දීමට අවශ්‍ය හෙයින් නානුඔය ප්‍රදේශයේ ඥාතීන්ට ඒ බව දැනුම් දීමට කටයුතු කළ අතර ඔවුන්ට 16 වැනි දින රෝහල කරා පැමිණීමට නොහැකි වී ඇති අතර මියගිය කාන්තාව රෝහලේ සිට 16 වෙනි දින දහවල් 1ට විතර නවාතැන් ගෙන සිටි කාමරය වෙත පැමිණ තිබූ බව නිවෙස් හිමියාගෙන් ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

එදින රාත්‍රී 8 පමණ වනතුරු කාමරයේ විදුලිය දල්වා නොතිබූ බැවින් නිවෙස් හිමියා උඩුමහලට ගොස් ජනේලයකින් කාමරය දෙස බැලීමේදී කාන්තාවගේ සිරුර බාල්කයේ එල්ලෙමින් ඇඳ මත දණ ගසාගෙන සිටින අයුරින් දැක ඒ බව පොලීසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (1)

දෙදරු මවයි, එක්දරු පියයි අභිරහස් ලෙස මියගිහින්

Nilantha Gamage Tuesday, 18 July 2023 09:02 PM

එල්ලාම් ෂරි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site