
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තිරයේ කළු පැහැති තාරෙවලට සමාන යම්කිසි අපද්‍රව්‍යයක් ගොඩ ගසා ඇතැයි ධීවරයෝ චෝදනා කරති.
ඒවා වැලි සමග මිශ්‍ර විමත් සමග වෙරළ තිරයම කළු පැහැතින් අපවිත්‍ර වී ඇත.
මෙම කළු පැහැති තාරවලට සමාන අපද්‍රව්‍ය දින කිපයක සිට වෙරළ තිරයට සුළු වශයෙන් ගොඩ ගසා තිබු අයුරු දැක ගත හැකි වු නමුත් අද දිනයෙ එය විශාල ලෙස වැඩි වි සම්පුර්ණ වෙරළ තිරය පුරාම කළු පාට වී දැක ගත හැකි බව කියයි.
ගිනි ගැනිමෙන් විනාශ වු පර්ල් එක්ප්‍රස් නෞකාවේ මුහුදට වැටි ඇති බහලුම් වල තිබු දෑ මෙලෙස වෙරළට ගසාගෙන පැමින ඇතැයි ධිවරයෝ සැක පළකරති.
මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ අධිකාරියෙ හා සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියෙ නිළධාරින්ගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙම තත්වය පිළිබදව තම ආයතන වලට තොරතුරු ලැබි ඇති බවත් ඒ පිළිබදව සොයා බලමින් ඇති බවයි.
එසේම එම නිළධාරින් වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට නාවික හා ගුවන් හමුදා මගින් තවත් තොරතුරු ලබා ගනිමින් ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ වන්දි ලැබෙනවා නේ.
වෙන්නප්පුව පමණක් නොවේ... පසුගිය සතියේ ගල්කිස්ස පැත්තෙත් දැක්කා...