(රංජිත් කරුණාවීර)
මහියංගනය මැදයායේ පාසලක විනය බාර ගුරු හාමුදුරුවන් අතුළු ගුරුවරුන් තිදෙනකු සාධයක් පවත්වා අධික ලෙස මත්වී සිටියදී සොයාගත් බව මහියංගනය පොලිසිය කියයි.
එම පාසලේ ගුරු විවේකාගාරය දෙසින් ඊයේ රාත්‍රී දරුවකු කෑ ගසන හඩක් ඇසී ඒ සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.
එම අමතුමට අනුව පොලිස් නිළධාරීන් ගම්වාසීන් සමග අදාල පාසලේ ගුරු විවේකාගාරයට ගොස් පරික්ෂා කිරිමේදී, පාසල් ගුරු නිවාසයක් තුළ හිමි නමක් හා ගුරුවරු තිදෙනකු සාදයක් පවත්වා, දැඩි ලෙස මත්වී සිටිනු දැක ඇත.
දරුවකු හඩන ලෙසට හඩමින් සිට ඇත්තේ අධික ලෙස මත්වී බිම වැටී සිටි හිමිනව බව ද පොලිසිය කියයි.
සිද්ධිය දුටු ගම්වාසීන් කුපිත වී එම පිරිසට ගුටිබැට දීමට සැරදෙද්දී පොලිසිය මැදිහත් වී ඇතිවීමට ගිය උණුසුම් තත්වය පාලනය කර, ආරක්ෂාව හා ප්‍රතිකාර සඳහා අධික ලෙස බීමත්ව බිම වැටී සිටි හිමි නම, මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.
එහිදී වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් වු හිමි නම ඒ වනවිටත් “අඩු රුධිර පීඩනයෙ“න් සිට ඇති අතර, කඩිනමින් රෝහල් ගත කිරිම හේතුවෙන් ජීවිත තර්ජනයෙන් මිදිමට හැකිව ඇත.
හිමිනම මත්වතුර බීමත්ව සිටියේද යන්න පිළිබදවද වෛද්‍ය පරික්ෂණ ද සිදු කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩෙන් ගම්මු හිරේ.
සිල් බිදගෙන ඇති බැවින් මොහු තවදුරටත් හිමිනමක් නොවේ. මහනායක හිමි වරු නිහඩයි.
මෙම චීවර ධාරියා මත්පැන් පානය කරලා තිබුනා කියලා ඔප්පු වුනොත් පින්සිද්ධ වේවි .මොහු ආයෙත් නිකායේ ප්‍රධාන සංගනායක වහන්සේලා මැදිහත් වෙලා මෙම චීවරධාරියා සසුනෙන් එලවා දමලා ශාසනය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න
හිමිනමට වෙරි .මහ නායක නිදි
සාදු සාදු සාදු
ගලවපියව් සිවුර. කොන්ද ඇතිව පත්තරවල දම දම ඉන්නේ නැතිව
විදුහලේ විනය බාර හිමි වෙරි මතින් වැටිලා / මහනුවර පැත්තේ අධිකරණ සංඝනායක විහාරාධිපති කෙනෙක් සරමක් ඇද , එළවළු මල්ලක්ද රැගෙන රාත්‍රී කාලයේ වඩින ගමන් අතුරු මාර්ගයක මැරී වැටිලා. මේ අහන දකින දේවල් මොනවද ? බුද්ධ ශාසනයක් ඉතිරි වේද ?
සිවුර දමාගත් හුඟදෙනෙක් මත්ද්‍රව්‍ය බොනවා.. යුරෝපයේ පන්සල්වල එය සාමාන්‍ය දෙයක්...
ඇත්තටම වැඩක් තියෙනවාද?