ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පළමු වරට සංවිධානය කළ ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය කොළඹ ටාජ් සමුද්‍රාහිදී පැවැත්විණි. 09 June 2023
ජාතික රෝහලේ ‘ඉන්සියුලින්’ හිඟයක්: රෝගීන් දැඩි අපහසුතාවට කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 09 June 2023
ලංකා සතොස භාණ්ඩ 10 ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 09 June 2023
එමීර් රාජ්‍ය බෞද්ධ සිද්ධස්ථානයක් ශ්‍රී ලංකාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සදඟා බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම ඒකඟත්වය පළ කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 09 June 2023
ෆොන්සේකා ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 09 June 2023
දේව මෙහෙය අස්සේ පල්ලියට රිංගන්න හැදූ අයෙක් මාට්ටු කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙය පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියමින් ඉමිටියාස් නැමැති පුද්ගලයෙක් වෙරළබඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 09 June 2023
බස් - ලොරි ගැටී 20ක් රෝහලට කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අද(9) අළුයම ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර පුද්ගලයන් නම දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 09 June 2023
රැඳවුම් නිවසේ සිට සාපෙළ ලියන්න ඇවිත් පැන යයි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නිවසක රඳවා සිටි පාසල් සිසුවකු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සපයන අතරතුර බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
කැපුම් තුවාල සහිතව කුඩා දරුවෙක් මියගිහින් මාලබේ තලාහේන හල්බරාව ප්‍රදේශයේ වයස අවුරුදු හයක් පමණ වන පිරිමි දරැවකු වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි. 09 June 2023
පවුල් ආරවුල විභාග කරද්දී පිහි පහරක් බකමූණ පොලිස් ස්ථානයේ පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරමින් තිබියදී පැමිණිකරු කෝපාවිෂ්ඨ වී වගඋත්තරකරුවකුට තිබුණු ආයුදයකින් පහරදී ඇති අතර එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. 08 June 2023
චීනා චීනයට යන්න බෑ කියා වලියක් දාලා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි. 08 June 2023
නිල ඇඳුමත් එක්කම කොස්තාපල්ගේ බෑගය සොරාගෙන කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාල එක එකට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිල ඇඳුම් සහිත ගමන් බෑගය බස් රථයක් තුළදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. 08 June 2023
ඩොලර් සංචිත ටිකෙන් ටික ඉහළ මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංංකුව පවසයි. 08 June 2023
සාපෙළ අවසන් වී යන සිසුවා පහර කා රෝහලේ අපොස සාමානය පෙළ විභායට පෙනී සිට නිවස කරා යමින් සිසුවකුට එම විදුහලේම විභාගයට පෙනී සිටි තවත් සිසුන් දෙදෙනකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි. 08 June 2023
ව්‍යාජ විදේශ ගමන් බලපතකින් ආ චීනා රටින් පිටුවහල් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඉකුත් (19) දින කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළු සිටි චීන ජාතිකයා අද (8) පස්වරුවේ ආගමන විගමන නිලධාරීන් දැඩි රැකවල් මැද කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් පිටුවහල් කර ඇත. 08 June 2023
පාඨමාලාවට යමින් සිටියදී සිසුවා ලොරි මාරයා බිලිගනී ගොඩගම කාර්මික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට යමින් සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු අද (08) දා උදෑසන ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි . 08 June 2023
ත්‍රිරෝද රිය පාපැදියක ගැටී පැදිකරු මරුට අලුත්ගම පොලිස් වසමට අයත් ගාල්ල කොළඹ ප්‍ර ධාන මාර්ගයේ අලුත්ගම සිට බේරුවල දෙසට ගමන් ගත් පා පැදි කරුවකු ගේ පසුපසින් ආ බව කියන ත්‍රී රෝද රථයක් පාපැදියේ ගැටී සිදු වූ අනතුරෙන් පා පැදිකරු බේරුවල රෝහලට ඇතුලත් කිරීමේදී අද (8) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි. 08 June 2023
වී.ඕ.ජී. දොස්තර ඝාතනය කළ සැකකරුට මරණ දඬුවම් වසර 14කට පෙර වවුනියාව මහ රෝහලේ සේවයකළ ප්‍රසව හා නාරි විශේෂඥය වෛද්‍යවරයකු පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ එවකට ප්ලොට් සංවිධානයේ (දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය) වවුනියාව ප්රාපදේශිය නායකයකු වූ නැදුමාරන් නැමැත්තාට වවුනියාව මහධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් අද (08) මරණ දඬුවම නියම කළේය. 08 June 2023
කෝටි 4 ක කේරළ ගංජා කිලෝ 128 ක් අත්අඩංගුවට යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි හතරකට අධික වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 08 June 2023
පාර්ලිමේන්තු 225 ට බදු ලිපිගොනු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 June 2023
කටුගස්තොට සිසුවාට පහරදුන් සිසුහු 6 ක් අත්අඩංගුවට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි 08 June 2023
මේ මාසේ අඩුවට එළවළු කන්න බෑ මෙම මස අවසන් වනතුරු එළවළුමිල ඉහළ අගයක පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසයි. 08 June 2023
පොලිස් නිලධාරියා යට කළ පොලිස් ලොක්කාගේ පුතාට ලක්ෂ 26ක් ගෙවන්න වේ කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂකවරයකු ගමන් කළ යතුරු පැදිය අනතුරකට ලක් කොට පොලිස් පරීක්ෂකවරයාට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරද පිළිගත් උසස් පොලිස් නිලධාරියකුගේ පුත්‍රයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26 ක වන්දියක් ගෙවීමටද නියම කළේය. 08 June 2023
අරාබි මුහුදට යන්නේ බලාගෙන උතුරු අරාබි මුහුදේ හටගෙන තිබෙන අඩුපීඩන කලාපය ක්‍රමයෙන් ප්රචණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති හෙයින් එම කලාපයේ ධීවර කටයුතු කරන බහුදින යාත්‍රාවලට අනතුරු ඇගවීම කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. 08 June 2023
කිරිඇල්ලගෙන් ආණ්ඩුවට තල්ලුවක් ණය ගෙවා දැමීමට ආණ්ඩුවට දීර්ඝ කාලයක් දෙන්නැයි තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 June 2023
ඇඟ විකිණූ කතුන් 12ක් මාට්ටු කඩුවෙල නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට විකිණූ ස්ථාන හතරක් වටලා කාන්තාවන් 12 දෙනකු ඇතුලු 16 දෙනකු අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 08 June 2023
ජාජබ විරෝධය නිසා රාජගිරියේ තදබදයක් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධයක් නිසා රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිර මාර්ගය අවහිරවී ඇත. 08 June 2023
දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි ශ්‍රී ලංකාවෙි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) සිදු විය. 08 June 2023
පියාගෙන්, බිරියට සහ පුතාට කඩු පහරක් රුක්මල්ගම ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පියා කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මව සහ පුතා බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි. 08 June 2023
බිත්තර තොගයක් නෙදර්ලන්තයෙන් කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 08 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026