
(අංජුල මහික වීරරත්න)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
කෙටි කාලීන හා මධ්‍යකාලීන සැලසුම් ඔස්සේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත්, එම සැලසුම් සකස් කිරීමේ දී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රටවල දියුණු සෞඛ්‍ය පද්ධතින් අධ්‍යයනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපතිවරුන් වන වෛද්‍ය චන්දික එපිටකඩුව, වෛද්‍ය හේමන්ත රාජපක්ෂ, වෛද්‍ය බෝධික සමරසේකර, වෛද්‍ය එස්. මතිවානන් යන මහත්වරු ප්‍රමුඛ නව නිලධාරී මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහනාද බලු කෙඳිරිලි කියන්නෙ මේවට තමයි.අප්පු හාමිල ටික ටයි දාගෙන පඹයො වගේ ඉන්න හැටි බැලුවම පේනවා මුන්ගෙ හීනමානයේ තරම.කලින් හිටපු පාදෙණිය ලොක්ක එක්ක රනිල්ට පලු යන්න බැනපු හෙංචයියො ටික දැන් කපන්න බැරි අත ඉඹිනව වගේ ඇවිත් ඉන්න හැටි දකිද්දි හිරිකිතයි.
රෝගීන්ට බෙහෙත් නොදී ප්‍රයිවට් හොස්පිටල් වල වැඩ ,පඩිය වැඩි කර ගන්න තමයි ජනාධිපති ලගට යන්න ,ගහලා එලවන්න තියන්න , පිනට ඉගෙනගන්න පඩිය ගන්න හිතන්න කාලකන්නි
අපොයි ජනධිපති තුමනි ඔය ජොස්තර අයියලාගෙන් පරිස්සම් වෙන්න. ඔය අම්බට්ටයෝ ටික තමයි ගෝඨාට ගෙදර යන්නත් පාර කැපුවේ. මෙයාලයි අන්තරේ අයයි අනුගමනය කරන්නේ එකම තියරිය , එනිසා මෙයාලට හැම තැනම මුදුනෝ වෙන්න ඉඩ දෙන්න එපා . දොස්තරල, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට සුදුසු වැටුපක් දෙන්න . නමුත් මෙයාල ඔය දොස්තරලා රටහරයාම වගේ දේවල් ගැන කියන ඉලක්කම් නොමග යවන සුළුයි.
පිනාට ඉගෙනගන්න හැමෝටම අවස්තාව දීලා තියනවා