ලංකාවේ අධ්‍යාපනය ඉංගිරිසියට හැරවිය යුතුයි ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 01 December 2022
අධ්‍යාපනය ගැන තීරණවලට දේශපාලනය ගාවගන්න එපා අධ්‍යාපන ක්ෂේත්රය ගැන කරුණු ඉදිරිපත් කිරීමේදී මෙන්ම ක්‍රියාවෙන් කටයුතු කිරීමේදී පටු දේශපාලන අරමුණුවලින් වැලකී කටයුතු කිරීම වැදගත් බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. 01 December 2022
නාවක්කුලියේදී කුඩා බස් රථයක් දුම්රියේ ගැටෙයි ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට නාවක්කුලිය දුම්රිය ආසන්නයේදී දුම්රියේ කුඩා බස් රථයක් අද (1) ගැටීමෙන් බස් රථයේ රියදුරු මරණයට පත්ව තිබේ. 01 December 2022
සීසර්ලා තල්ලු කරලා මන්ත්රීනිය රෝහලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට අයත් යතුරු පැදියක ලීසිං වාරිකය ප්රමාදවූවැයි කියමින් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලා තල්ලුකිරීම හේතුවෙන් ඇදවැණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රෝහල්ගත කළ බව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 01 December 2022
ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක් ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට සැර ලිපියක් යොමු කර තිබේ. 01 December 2022
’’ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා’’ ’’අද දරුවන්ට කන්න කෑම නෑ. ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා’’ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 December 2022
පෞද්ගලික අධ්‍යාපනය එපා කියන අය මුදලට වැඩ පෞද්ගලික අධ්‍යාපනයට යන්න එපා යැයි කෑ ගහන විශ්ව විද්‍යාල වල ඇතුලේ ඉන්න බාහිර උපාධි සදහා මුදලට පන්ති පවත්වා පෞද්ගලික ක්‍රමවේදයක් අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 01 December 2022
දුම්රිය ප්‍රමාදයට විසඳුම වේලාව වෙනස් කිරීම නොවෙයි දුම්රිය ප්‍රමාදය වැලැක්වීමට පියවර ගැනීම දුම්රිය ප්‍රධානීන්ගේ වගකීම බවත් ප්‍රමාද වැලැක්වීමට ධාවන වේලාව සංශෝධනය කිරීමෙන් දුම්රිය තව දුරටත් ප්‍රමාද වන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 01 December 2022
මෙරට නිපදවූ බසයක් වෙළෙඳ පොළට ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය. 01 December 2022
ජනවාරියේ උසස් පෙළ නිසා විදුලිය නොකැපිය යුතුයි අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වන හෙයින් ඒ කාල සීමාවේදී විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 December 2022
දේශීය ආදායම් මෘදුකාංගයක් නැවතිලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගැනීම හා සම්බන්ධ පරිගණක මෘදුකාංගයක් කිසියම් තදබද තත්වයක් හේතුවෙන් හදිසියේ අක්‍රීයවී ඇති හෙයින් ජනතාවට බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 December 2022
දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි. 01 December 2022
ජනතා විශ්වාසය වැඩි මහ බැංකු අධිපතිට ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6 ක විශ්වාසයක් හිමිව ඇති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි. 01 December 2022
මාපියන්ගේ ප්‍රශ්න දෙකක් ගැන රෝහිණී කියයි දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? යන ප්‍රශ්නයට අද ලංකාවේ මාපියන් මැදි වී සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවැසුවාය. 01 December 2022
මනුස්සකමක් තියෙනවා නම් විදුලි බිල වැඩි කරන්නේ නෑ රටේ ජනතාව කෑම බීම නොමැතිව දැඩි ආර්ථික පීඩනයක සිටින මොහොතක විදුලි බිල නැවතත් වැඩි කිරීමට යෑම වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (1) රජයෙන් ඉල්ලීමක් කළේය. 01 December 2022
කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක් ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි. 01 December 2022
අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. 01 December 2022
ජනපතිගෙන් මැලේසියා අගමැතිට දුරකථන ඇමතුමක් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 December 2022
රටපුරා හෙට හවස වැසි දිවයින පුරා හෙට (2) සිට සවස් කාලයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 December 2022
සුදුහඳුන් හොරාට ගෙනියන්න බැරි වේ රුපියල් ලක්ෂ 04 කට අධික වටිනාකමක් ඇති ඉතාමත් දුර්ලබ සුදු හඳුන් දැව කැබලි තොගයක් සමඟ පුද්ගලයකු අම්පාර දෙකේ කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 01 December 2022
මෙරට සූපවේදීන් අන්තර්ජාලයට යයි ශ්‍රි ලංකා සූපවේදීන් ගේ ගීතය සහ වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවය ජෙයි ජෙයි බීච් හෝටලයේදී (29) සිදු කෙරිණි. 01 December 2022
පානදුරේ කලබලයක් අතර අහසට වෙඩි තබලා පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි . 01 December 2022
රට යවනවැයි මුදල් ගරා මාට්ටු දිවයින පුරා ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකරුවකු බම්බලපිටිය ඩික්මන් පාරේ දී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 30 November 2022
සතොස සහල්,ලුනු,හාල්මැස්සන් මිල පහළ දමයි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල නැවත් පහත දමා තිබේ. සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි. 30 November 2022
ඕස්ට්‍රේලියා ගියත් හොරකම අතහැර නෑ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දේශීය ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයන් දස දෙනකුට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් තම සේවා යෝජකයාගේ ගිණුමෙන් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයකු ගැන මාධ්‍ය වාර්තා කර තිබේ. 30 November 2022
එක්දින සේවයෙන් ‘පාස්පෝට්’ 3000 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය. 30 November 2022
ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූවා කවුරුන් හෝ දේශපාලන වශයෙන් හැප්පෙන්න ආවොත් හැප්පීමට සූදානම් බවත් වර්තමානයේ හැප්පීමට එන පුද්ගලයන්ට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය. 30 November 2022
අරගලයේ වසන්තට ලක්ෂ 05ක ශරීර ඇපයක් අරගලය පැවැති දිනයේදී ජනාධිපති ලේකම්කාර්යට අයුතු ලෙස ඇතුලුවීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය. 30 November 2022
පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය. 30 November 2022
නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 30 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025