උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක් උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි. 10 June 2023
කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 June 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බාබවේ සංචාරය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය බාර නිලධාරීවරයා ද සනාථ කළේය. 10 June 2023
සංහිඳියා නීති කෙටුම්පත් කිරීම කඩිනම් කරන්න සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශවලට උපදෙස් දුන්නේය. 10 June 2023
කෝටියක මුදල් වංචාවට හිටපු නාගරික මන්ත්‍රිනිය මාට්ටු රුපියල් එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 11 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් පිලියන්දල පොලිසි විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 09 June 2023
අසමත් 10කට බලපත්‍ර දුන් මාතර ආර්.එම්.වී සේවකයා ගෙදර මාතර දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයාගේ නිල මුද්‍රාව අවභාවිත කරමින් රියදුරු ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වූ 10 දෙනකුට වලංගු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ චෝදනාවට එම කාර්යාලයේ ලිපිකරුවකුගේ වැඩ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පියවර ගෙන තිබේ. 09 June 2023
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිරිස රිමාන්ඩ් නාරහේන්පිටල ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ හත් දෙනා මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මයි ෙ නියෝග කළාය. 09 June 2023
සාපෙළ සිසුවියට උපකාර කළ සැරයන්ට උපහාර සාමාන්‍ය පෙළ විභාගයේ ඇඩ්මිෂන් එක අමත වී පැමිණි ගෝනපොල පලන්නෝරුව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානට පැමිණි සිසුවියකට උපකාර කළ පොලිස් සැරයන් (41013) ඒ.කුලරත්න මහතාගේ සේවය ඇගයීමට පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පියවර ගත්තේය. 09 June 2023
පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16දා දක්වා පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ කාලය මේ මස 16 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 09 June 2023
ඩෙංගු පාලනයට විශේෂඥ කමිටුවක් කොවිඩ්-19 සහ ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සහ විශේෂඥ කමිටුවක් නම් කර ඇත. 09 June 2023
දරුවකුට අනතුරක් කළ තණකොළ කපන්නා මාට්ටු තලාහේන හල්බරාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වැඩ බිමක තණකොළ කපන යන්ත්‍රයක තලයක් වැදීමෙන් බරපතල කැපුම් තුවාල ලබා වසය අවුරුදු 5 1/2 පිරිමි දරුවකු මියයාමේ සිද්ධියට එහි තණකොළ කැපූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 09 June 2023
මෙගාවොට් 2 ක ‘සෝලා’ ව්‍යාපෘතිය විවෘත කරයි ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජනන කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් වන මෙගාවොට් 2 ක ‘ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා’ ව්‍යාපෘතිය හොරණදී අද (9) විවෘත කළේය. 09 June 2023
ඒ ඒ දිසාවලට මන්ත්‍රීවරුන් පත් වෙන්නේ මෙහෙමයි මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේය. 09 June 2023
සංචාරකයන්ගේ පැමිණීම ඉහළට මෙරටට විදේශය සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී සියයට එකසිය හැත්තෑපහක් ඉක්මවා ඇතැයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පවසයි. 09 June 2023
කොස් ඇට කා ජීවත් වන මවක සහ කුඩාදරුවකු සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 09 June 2023
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවාදැයි සැකයි ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය. 09 June 2023
ටෙලිකොම් ගැන කාරක සභා වාර්තාව කුණු කූඩෙට ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ. 09 June 2023
ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ’’ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් ’’ පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 09 June 2023
වෘත්තිය පුහුණු ක. ස. ගේ මරණයට පොලිසිය හතක් අල්ලයි නාරහේන්පිට,ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කලමනාකාර සහකාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ හත් දෙනෙක් රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 09 June 2023
අයියා වෙනුවට මල්ලී විභාගයට පෙනී සිටලා තම වැඩිමහල් සොයුරා වෙනුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සහෝදරයකු අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලිසිය කියයි. 09 June 2023
විදුලි මීටර් අපනයනයට ලංකාව සූදානම් ශ්‍රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් මෙරට විදුලි මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 09 June 2023
රටවිරුවන් මාස 5 කදී ඩොලර් මිලියන 2300 ක් එවලා විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්‍රේෂණ ලෙස එවා ඇති බවත් මැයි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ඒවා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 09 June 2023
විෂ මාළු කා මවක් මරුට:තුනක් රෝහලට වෙරළේ විසිකර තිබූ මාළු විශේෂයක් අහුලාගෙන ආහාරයට ගත් බව කියන දෙදදරු මවක මියගොස් තවත් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
කුකුළු මස්, බිත්තර අඩු කරන යෝජනාවක් කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීමට සහ බිත්තර හිඟය අවම කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 June 2023
ජීවකයා, මහගේ ඉඩම නොදුන්නැයි ආච්චිට ගහලා මහගේ ඉඩමක් නොදුන්නැයි උරණ වි 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා රාජකාරියට ගිය පොලිස් නිළධාරීන්ට ද බාධා කර සාපරාධී බහත්කාරය පෑ දොස්තර මුණුබුරෙක් තිස්සමහාරාම පොලිසිය විසින් පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 09 June 2023
සාපෙළ ඉවරවී සිසුවා මරුවා හා යයි සාමාන්‍ය පෙළ විභාගය නිමාවී යතුරු පැදියකින් නිවසට යමින් සිටි පාසල් සිසුන් දෙනකු ගමන්ගත් යතුරු පැදියක් හා තවත් පාසල් සිසුවියක පැදවූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවකු හා සිසුවියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
බිබිලේ සිට ආ තරුණියෝ තිදෙනෙක් මුහුදට බිලි බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි පස් දෙනකුගෙන් තරුණියන් තිදෙනකු ගාසෙන යද්දී එක් අයකු බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
පිළිකා නසන පෝෂක ඖෂධයක් වෙළෙදපොළට කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර් යේෂණ කණ්ඩායමක් මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් පසුගියදා හඳුන්වා දුන්නේය. 09 June 2023
වෙළෙඳ ක්‍රියාවලිය සරල කිරීමට ජාතික යෝජනාවලියක් ශ්‍රී ලංකාවෙි වෙළෙඳ කටයුතු ආශ්රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 09 June 2023
රජයේ සියලු ආයතන රජයේ නිවාසවලට සියලු රාජ්‍ය සියලූ රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළේය. 09 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026