ගිනිඅවි 103කට: පතොරම් විසි අට දාහකට වෙච්ච දෙයක් නෑ
ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 103ක් සහ පතොරම් 28,789 ක් ඒ සමාගම් අතර ගිවිසුම අවසන්වීමෙන් පසු නැවතත් සමාගම බාරයට ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.