හිමි නමට-කතුන් දෙදෙනාට පහර දුන් අට දෙනා යළි රිමාන්ඩ්
නවගමුව බෝමිරිය රාස්සපාන ප්රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුළදී හිමි නමක, තරුණියක සහ කාන්තාවක නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනා ලබන 26 වෙනි දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කඩුවෙල මහේස්ත්රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (12) දින නියෝග කළාය.