(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී ජනාධිපතිවරයා 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත්වන බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය එම සියලු මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවදාවත් ජන්ද තියන්නේ නෑ.
බඩගෝස්තරවාදී දේශපාලනය. සනුහරේම (226ම) අතුගාලා දාමු.
මෙයා කියන දේ කරන කෙනෙක් නෙවෙයි... මෙයා කියන්නේ ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වන්නේ නැහැ කියලයි. මෙයා කරපු එක දෙයක් පුුළුවන් නම් කියන්න.
ඒකත් අර පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් එක ගෙන්වනවා කියපු එක වගේද? සර්ගෙ වචන දැන් අපි තුට්ටුවකට මායින් කරන්නේ නෑ. ඔබතුමා උදේ කටින් කතා කරලා හවසට වෙන කතාවක් කියනවා.
ලබන වසරේ මැතිවරණයක් පවත්වන බවට ප්‍රකාශයක් කළා. එපමණයි.
කැට කියලා කියන්නේ... රනිල් ඡන්දයක් තියන්නේ නැහැ. මොන සෙල්ලමක් හරි දාලා ඡන්දෙන් පනිනවා. මොකද දැන් එයාලා දන්නවා ඡන්දයක් තිබුණොත් එජාප/ පොහොට්ටු වලට අබසරණයි කියලා...
ඒක ඔයාගේ තීරණයක් නෙවෙයි... ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ... ඕක අරගෙන ඉන්නේ රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න. මෙච්චර හරි ව්‍යවස්ථා විරෝධී වැඩකරන්න පුළුවන් වුණේ කොන්දක් නැති විපක්ෂය නිසා.. ඡන්දය 2024 දී තිබ්බේ නැතිනම් ඔයත් ඔතන නෑ කියන එක විතරක් මතක තියාගන්න...!