ලංවිම මාස හතරේ පාඩුව කෝටි දෙදහස් නවසීය පන්නයි විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක( 2979) පාඩුවක් ලබා ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 22 July 2023
පිරමිඩ ජාවාරම්කරුවකුගේ වටිනා මෝටර් රථයට ගිනි පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි . 22 July 2023
අඟුරුවාතොට ඝාතනයේ සැකකරු මාට්ටු අගුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනිමට අගුරුවාතොට පොලිසිය සමත්ව ඇත. 22 July 2023
තැනින් තැන වැසි වාර කීපයක් ඇති වේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 July 2023
දෙවියන්ගේ ඇස් ගලවා සැඟවෙන්න බැරි වේ උඩප්පුව කාලි කෝවිලේ කාලි ප්‍රතිමාවට රත්තරනින් නිමවා සවිකර තිබූ ඇස් දෙක ඇතුළු එම ප්‍රතිමාවට පළඳවා තිබූ රන් ආභරණ සොරාගෙන ගිය බව කියන කුම්ෆු සටන් කරුවා අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලීසිය කියයි. 22 July 2023
ජනපති,ජනපතිවරනයට විදයම සොයයි ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ. 22 July 2023
ජනපති සංචාරය නිමවා දිවයිනට ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා , සිය සංචාරය නිමා කර දිවයිනට යළි පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. 22 July 2023
අත්තිඩිය වනජීව මධ්‍යස්ථානයේ සිටි කළු වඳුරන් සොරාගෙන අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි සිටි දුර්ලභ කළු වඳුරන් තිදෙනකු සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි. 22 July 2023
පොලිස් වෙස් ගත් කොල්ලකල්ලිය අල්ලයි පොලිස් නිලධාරී වෙස්ගෙන පොලිස් වසම් 10 ක නිවාසවලට ඇතුළු වී රන් ආභරණ මුදල් ඇතුළු රුපියල් කෝටියකට අධික දේපළ කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියක දස දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2023
රනිල් ඉන්දීය ජනපතිනී හා අග්‍රාමාත්‍ය හමුවෙයි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජනපතිනී ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී සිදු විය. 21 July 2023
කිව්.ආර්. ඉන්ධන කෝටාව ලබන මස නැවතත් ඉහළට ජාතික ඉන්ධන කෝටාව හෙවත් කිව්.ආර්. කේතයට වරකදී ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලබන මාසයේදී යළිත් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය 21 July 2023
රටවල් 17ක් පැරදූ කැබිතිගොල්ලෑ ගමේ පැටවු ’’ගෝලිය තිරසාර සංවර්ධනය හා දේශගුණික විපර්යාස’’ යන තරගාවලියට ඉදිරිපත්වූ රටවල් 17ක කණ්ඩායම් 615ක් පරදා ’’හොඳම ප්‍රජා බලපෑම් සම්මානය’’(best community impacta award) දිනාගැනීමට කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දරුවෝ පිරිසක් සමත් වූහ. 21 July 2023
බැංකු පනත සම්මතයි බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 21 July 2023
කළුතර ටියුෂන් ගුරාට ඇප කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී මාස දෙකයි දින 10 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටී පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (21) නියෝග කලාය. 21 July 2023
නගරවල වටින ඉඩම් ආයෝජකයන්ට දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 21 July 2023
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවසන් මහ තරගය අහිමිවෙයි ආසියානු කුසලාන නැඟීඑන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අද (21) සමත් විය. 21 July 2023
’’රට ශක්තිමත් කියා මෝඩ චූන් ගන්න එපා’’ රට ශක්තිමත් කියා උදම් අනා මෝඩ චූන් ගන්න එපා යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 July 2023
උද්ධමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 July 2023
ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ඉල්ලයි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතාගෙන් ඉල්ලීමක් කළේය. 21 July 2023
පැමිණිල්ල සටහන් නොකළ එස්අයි ගේ වැඩ තහනම් පැමිණිල්ලක් සටහන් නොකලැයි අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කළ බව සීතාවක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය 21 July 2023
ඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්වයක් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම සඳහා දෙරට අතර ඉන්දු - ලංකා ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අද (21)පැවසීය. 21 July 2023
සරසවි ඇදුරෝ 519 ක් පැදුරටත් නොකියා මාරු වෙලා ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය කාලයේදී ( 2021 වසරේ සිට මෙම වසරේ මේ දක්වා) සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 July 2023
කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය කතානායකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිවසමගි ජන බලවේගය විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) බාර දුන්නේය. 21 July 2023
භික්ෂු බලමණ්ඩල විරෝධතාවට ජල ප්‍රහාරයක් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය අරඹා තිබූ විරෝධතාවකට කොළඹ පුරහල ආසන්නයදී සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර විසුරුවාහැරිමට කටයුතු කළේය. 21 July 2023
රුපියල දිනෙන් දින බාල්දුවෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 21 July 2023
ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2023
අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව ඉහළට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලැයිස්තුව යාවත්කාලීන කිරීමෙන් පසු එහි ඖෂධ වර්ග සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය. 21 July 2023
පොල් තෙල් කර්මාන්ත දෙසීයක් හාන්සියි විදේශයන්ගෙන් පොල්තෙල් මහ පරිමාණව ගෙන්වීම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදන කර්මාන්ත 200 ක් පමණ වැසී ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(21) පැවසීය. 21 July 2023
ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසලින් ජනතාවටත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 21 July 2023
පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ අයෙක් මාට්ටු පිටකොටුව නගරයේදී පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක් කර පළා යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලීසිය පවසයි. 21 July 2023
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026