පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම සජබෙ අල්ලගෙන අද සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැතැයි ද මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම විසින් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 April 2024
දින දෙකක් සුරා සැල් වහයි සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2024
රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් ගොඩ ගැහිලා කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවස 07 April 2024
වැටුප් අර්බුදය විසඳන්න කොමිසමක් රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහා වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත 07 April 2024
පී.සී ඇතුළු තුනක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. 07 April 2024
සිඟිති දියණිය අභිරහස් ලෙස මරුට ගිවිසුමක් හරහා සමීප ඥාතිවරියකට ලබා දුන් වයස අවුරුදු 4 මාස 7 ක් දැරියක් සැක කටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 07 April 2024
මා දැළට අසු වූ ඩොල්පින් 11ක් යළි මුහුදට යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයෝ පිරිසක් පියවර ගත්හ. 07 April 2024
දෙකහමාරේ දරුවා තැඹ්ලි ලොරියට බිලි අම්පාර ඉගිනියාගල නාමල්ඔය වැව ආරම්භවෙන ස්ථානයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු දෙකාහාමරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 April 2024
හිටපු කොටි සාමාජිකයා සමඟ නිධන් ගන්න ගිය 5ක් මාට්ටු හිටපු කොටි සාමාජිකයෙකු සමඟ උන්නච්චිය ප්‍රදේශයේ නිධන් හෑරු පුද්ගලයන් පස්දෙනෙකු උන්නච්චිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 April 2024
උතුරු නැගෙනහිර කිලෝමීටර් 23ක තාමත් බිම් බෝම්බ උතුරු නැගෙනහිර කිලෝමීටර් 23ක තාමත් බිම් බෝම්බ 07 April 2024
සිනමා කලාකරුවන්ට ණය යෝජනා ක්‍රමයක් මෙරට සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පැවසීය. 07 April 2024
උත්සව සමයේ අත්‍යවශ්‍ය සේවා ගැන උපදෙස් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ රාමසාන් දිනය සමගාමීව යෙදී ඇති දීර්ඝ නිවාඩුව කාලයේ සෑම දිස්ත්‍රික්කයකම අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බවට රාජ්‍ය පරිපාලන, සේවදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ. 07 April 2024
ඕමන්තේදී කැබ් රියක් දුම්රියක ගැටෙයි වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය පවසයි. 07 April 2024
මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහේන පොලිසිය කියයි. 07 April 2024
අල්ලස් චෝදනා එල්ල වූ ගල්කිස්ස එස්.සී.අයි.බී.ඕ.අයි.සී. නිදොස් කොට නිදහස් පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය. 07 April 2024
විදෙස් ණයෙන් කොටසක් ඉවත් කර ගන්න සාකච්ඡා ලංකාවේ විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබා ගැනීමට සාකච්ඡා ඇරැඹූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 07 April 2024
ඊෂි කෑෂ්-එම් කෑෂ් මත් ද්‍රව්‍ය ජාවාරමුන් ගැන සෙවිල්ලෙන් ඊෂි කෑෂ් සහ එම් කෑෂ් භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් 198 දෙනකුගේ තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 07 April 2024
කෙහෙළියට එරෙහි තවත් නඩුවක් 29 දා සිට විභාගයට අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව අගොස්තු 29 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය. 07 April 2024
කෝටි හතරක කුඩු සමඟ සංගීත ශිල්පියා අල්ලයි කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය කියයි. 07 April 2024
අපේ බීජ අපනයනයට සූදානම් ඉතිහාසයේ පළමු වරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය. 07 April 2024
මැණික් ගල් හතරක් ඉස්සූ සෙබලා මාට්ටු පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා මැණික් ගල් 4 ක් හමුදා කඳවුර තුළට රැගෙන ගොස් මගහැර සිටි යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 07 April 2024
රාජ්‍ය සේවක වැටුප් 10 ට පෙර අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය මහතා පවසයි. 07 April 2024
හෙද සොහොයුරිය සිමෙන්ති ලොරියට බිලි රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 07 April 2024
මන්ත්‍රී තුනක් ඇමැති බංගලාවල බින්න බැහැලා ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 07 April 2024
කාත්තන්කුඩියේ හොර කච්චේරියක් වටලයි කාත්තන්කුඩි නොචිචිමුනේ,මඩකලපුව ප්‍රදේශයේ නිවසක රහසේ පවත්වාගෙන ගිය කූඨ ලේඛනාගාරයක් වටලා එහි සිටි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂකාර්ය බලකාය කියයි. 07 April 2024
අදත් ස්ථාන කීපයකට සවස තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 April 2024
ලිබර්ටි ප්‍රතිමාව දෙදරයි ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය. 07 April 2024
ලොව ළාබාලතම බිලියනපතිනිය 2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා වෙයි. 07 April 2024
මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයකු මිය යයි කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි 07 April 2024
බවුසරය පෙරළී භූමිතෙල් පාර දිගේ ගලා යයි මාතලේ - ලග්ගල, විල්ගමුව, එළවනාකන්ද ප්‍රදේශයේ දී අද ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් එහි තිබූ භූමිතෙල් මාර්ග දිගට ගලා ගිය බව විල්ගමු පොලිසිය කියයි. 06 April 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026