වාහන අංක තහඩු මුද්‍රණයට ගිවිසුම්ගත වෙයි අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නව සමාගමක් සමඟ අද (10) ගිවිසුම්ගතවිය. 10 March 2026
බස් - ත්‍රිරෝද - පාසල් වෑන් ගාස්තු වැඩි කළ යතුයි ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු, ත්‍රීරෝද රථ ගාස්තු සහ පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දමන බව එම කර්මාන්තයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද (10) පැවසූහ. 10 March 2026
බඹරු ඇන සිසුන් 20ක් රෝහලේ කැකිරාව නගාරාසන්නයේ ප්‍රසිද්ධ පාසැලක සිසුන් පිරිසක් අද(10) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබේ. 10 March 2026
දිස්ත්‍රික් තුනක සෞඛ්‍ය වැඩට අලුත් වාහන ආසියා සංවර්ධන බැංකුවේ (ADB) මුල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) අනුග්‍රාහකත්වයෙන් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් වෑන් රථ 3 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බාර දී තිබේ. 10 March 2026
ලංකාවට රට රස්සා සල්ලි ලැබීම් 32%කින් ඉහලට මේ වසරේ මුල් මාස දෙකේ රැකියා සඳහා විදේශ ගතවී සිටින ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය 2025 වසරට සාපේක්ෂව සියයට 32කින් ඉහළ ගොස් තිබේ. 10 March 2026
අධ්‍යාපන සංවර්ධනය ගැන අගමැතිනී පිලිපීනය සමඟ සාකච්ඡා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීන නිල සංචාරයේදී අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ පිලිපීන ආයතන සමඟ සාකච්ජා මාලාවකට සහභාගී විය. 10 March 2026
යෝෂිතට අධි චෝදනා භාරදෙයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17 ක මුදලක් බැර වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවක අධි චෝදනා භාරදීම අද (10) දින හෝමාගම මහාධිකරණයේදී සිදුවිය. 10 March 2026
මන්ත්රීලාට පාර්ලිමේන්තු ක්‍රමය ගැන පාඩමක් විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් පසුගිය මාර්තු මස 06 සහ 07 යන දිනවලදී කලුතරදී සාර්ථකව පැවැත්විණි. 10 March 2026
මෙරට පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් නිවෙස් සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉලිමක් කරයි. 10 March 2026
අල්ලස් කොමිසමේ බලය වැඩි කරයි: යෝජනාව 17 මැතිසබයට අල්ලස් කොමිසමට බලය දෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා අනුමත කිරීමට නියමිතය. 10 March 2026
ලක්ෂ 38ක කුඩු සමඟ කාන්තාවක් දැලේ පානදුර අරුක්ගොඩ දංකැටියවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 38 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය සඳහන් කරයි. 10 March 2026
යුද්ධය ඉක්මනින් අවසන් වේවි - ට්‍රම්ප් ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය දින 10 පුරා ඉරානයට දැඩි විනාශයක් අත්කර දුන් මෙම යුදමය තත්ත්වය ඔහු හඳුන්වා දී ඇත්තේ, කෙටි කාලීන ගැටුමක් ලෙසය. 10 March 2026
ඉන්ධන මිල ඉහළ දමයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (9) රාත්‍රී නිවේදනය කළේය. 09 March 2026
දුම්රිය මාර්ගයේ ලස්සන බලන්න ගිය සුදු ජාතිකයා මරුට එංගලන්ත ජාතික යුවළක් ඇතුළු සිව් දෙනකු පානදුර තල්පිටිය පාලමට සමාන්තරව තිබෙන දුම්රිය මාර්ගයේ සිටියදී දුම්රියක් පැමිණෙනු දැක කලබල වී ඒ මේ අත පැනිම හේතුවෙන් එක් අයකු දුම්රියේ ගැටී මිය ගොස් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පින්වත්ත පොලිසිය කියයි. 09 March 2026
පොහොට්ටුවේ මැයි රැලිය 1 වැනිදා නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය මැයි 1 වෙනදා නොපැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 09 March 2026
මැදපෙරදිග යුද්දයේ අලුත්ම තත්වය ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනී පත්වීමෙන් පසු ඊශ්‍රායලයට එල්ල කළ පළමු මිසයිල ප්‍රහාරයේ මිසයිලවල ’’මොජ්තබා උතුමාණන් ඔබගේ සේවයට පැමිණියා’’ ලෙස කොටා තිබූ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 09 March 2026
බෝග ගබඩා 11කින් කෝටි නවයක් කම්බස්! ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ සහ ක්ෂේත්‍ර භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි නවයක් පමණ වැය කර ඉදිකළ ගබඩා එකොළහක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත පවරා දී තිබුණත් ඒවා භාවිත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 09 March 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිවේදනයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත් වූයේ රජයේ පූර්ණ මැදිහත් වීම මත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 March 2026
නැදුන්ගමුවේ රාජා කොළඹ කෞතුකාගාරයට ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්රතිනිර්මාණ කටයුතු මේ වන විට අවසන් ව ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි. 09 March 2026
ඩුබායි රියාද් ගුවන් ගමන් ඇරැඹෙයි මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන් ගමන් සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කර අැත 09 March 2026
වැවිලි අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබේ. 09 March 2026
වැඩි කළ මහපොළ හෙට ගිණුම්වලට 2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබේ. 09 March 2026
“කෝප්” “කෝපා”වට හයිය දෙන නව නීති 17 මැතිසබයට දූෂණ සහ අක්‍රමිකතා පිළිබද ලිපිගොනු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) බලය ලැබෙන නව නීති දෙකක් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා අනුමත කිරීමට නියමිතය. 09 March 2026
හිටපු රේගු ප්‍රධානීගෙන් මැතිසභා කමිටුවට ප්‍රකාශයක් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. 09 March 2026
ජාතික රෝහලට කෘතිම බුද්ධි MRI යන්ත්‍රයක් කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධිය (AI) භාවිතා කළහැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය අද පස්වරුවේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය. 09 March 2026
ඉත්තෑපානේ මහනාහිමි ජනපති හමුවෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(9) සිදු විය. 09 March 2026
සජින්වාස් ගුණවර්ධන රිමාන්ඩ් රුපියල් මිලියන 243.8 ක නීති විරෝධී වත්කම් ඉපයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සජින් වාස් ගුණවර්ධන ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරයි. 09 March 2026
ලංවීම සේවකයෝ සේවාවලින් ඉවත් වෙති විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අද (9) පස්වරූ 3.00 සිට පැය 24ක කාලයක් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. 09 March 2026
අගමැතිනිය මැනිලා නුවරට ළඟාවේ ආසියා සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට පිලිපීන සංචාරයකට ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීනයේ මැනිලා හි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබීය.මෙම අවස්ථාවට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතාද සහභාගී විය. 09 March 2026
වතුර ටැංකිය කඩාවැටි සිසුන් පහක් රෝහලේ බද්දෙගම ශාන්ත අන්තෝනි විදුහලේ වතුර ටැංකියක් ඊයේ(09)වන දා පෙරවරුවේ දී කඩාවැටී සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලිසිය කියයි. 09 March 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026