(නිමල කොඩිතුවක්කු)

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව වාර්ථා වී ඇති මුලු ඩෙංගු රෝගීන් සඛ්‍යාව 92,011 ක් බවත් එම ඒකකය පවසයි.

අගෝස්තු මාසයේ මුල් දින 15 තුළ පමණක් රෝගීන් 6,671 දෙනෙකු වාර්තා වී ඇති බවත් එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 68 කි.