සත්ව මස් සමඟ කපුවා අල්ලයි අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවා වනසතුන්ගේ මස් තොගයක් සමග අද (18)දින වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 18 November 2025
අර්තාපල් ගොවීන්ට සහනාධාරයක් දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 18 November 2025
’’චාමරට එරෙහි විමර්ශන අවසන්’’ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (18)පැවසීය. 18 November 2025
අල්ලස් ගත් මිනුම්දෝරුවකුගේ ඇප විසි වෙයි අක්කරේපත්තුව දිසා අධිකරණයෙහි විභාග වන ඉඩම් නඩුවක විත්තිකරුවෙකුට වාසි සහගත අයුරින් මැනුම් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන මිනුම්දෝරු සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (18) නියෝග කළේය. 18 November 2025
මිනිසුන් එකතු කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනයට මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව ඇත්තේ අධ්‍යාපනයට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 18 November 2025
අලි ඇතුන් හොරෙන් පෙන්වන ජාවාරමක් කවුඩුල්ල ජාතික උද්‍යානයේ වන අලින් පෙන්වා රජයට ලැබිය යුතු මුදල් හොර රහසේ කාලයක් තිස්සේ ලබාගත් ජාවාරමක් හෙළිකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් කණ්ඩායමකට හැකි විය. 18 November 2025
ආණ්ඩුවේ මන්ත්‍රීන්ටත් ආරක්ෂාව ඕනෑ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් තිබිය යුතු බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 November 2025
කොළඹට ජාතික හදවත් රෝහලක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික හදවත් රෝහලක් ස්ථාපිත කිරීම ඇතුලු සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති නමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 November 2025
ත්‍රි‘මලේ සිද්ධියට දිඹුලාගල හිමිත් කනගාටු වෙති ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරයේ බුදු පිළිමය රැගෙන යාම පිළිබඳව තමා කණගාටුව සහ බලවත් අප්‍රසාදය පළ කරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ. 18 November 2025
බංකොලොත් රට හැදුව වගේ රටේ නීතියත් හදනවා බංකොලොත් කර තිබූ රට ආර්ථික වශයෙන් ස්ථාවර කළා සේම නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
මත්ද්‍රව්‍ය මර්දන වැඩේට විපක්ෂයට ආරාධනා කළේ නෑ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට දේශපාලන පක්ෂ පාට වලින් තොරව පැවැත්විය යුතු නම් පළමුවෙන්ම කරන්නට තිබුණේ අදාළ වැඩසටහන සඳහා විපක්ෂයටත් ආරාධනා කිරීම බවගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
ජාතික ආරක්ෂාවට ඕන ඉඩම් හමුදාව සතුව තිබිය යුතුයි ජාතික ආරක්ෂාවට වැදගත් බිම් කොටස් ආරක්ෂක හමුදා සතුව තබා ගැනීම ප්‍රමුඛතාව විය යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
දැදුරුඔය වාන් අරියි දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අද (18) දහවල් සිට විවෘත්ත කර ඇති බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. 18 November 2025
ජාතික ආරක්ෂාව ගැන නි.ඇමතිගෙන් සහතිකයක් නැවත කිසි දිනක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ජාතික ජන බලවේග රජය ඉඩ තියන්නේ නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
මහා සඟරුවන ත්‍රි‘මලයට මේ ආණ්ඩුවේ ඇත්තෝ කියනවා ඒ අය බුදුපිළිමය අත්අඩංගුවට ගත්තේ බුදු පිළිමයේ ආරක්ෂාවටලු. අපි අහනවා එහෙම නම් මහා සංඝරුවනට පහර දුන්නේ සාසනයේ ආරක්ෂාවටදැයි කියලා යැයි සීනිගම පුෂ්පාරාමාධිපති අකුරල මංජුලතිස්ස අමරපුර මූලවංශ මහා නිකායේ ලේඛකාධිකාරී හිමියෝ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථ බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලේ සිද්ධියේ නිරීක්ෂණයට අද (18) ත්‍රිකුණාමලයට වැඩම කර පැවැත්වු මාධ්‍ය හමුවකදි මෙම ප්රශ්නය මතු කළේය. 18 November 2025
පක්ෂයට පිටින් ගිය සීතාවක සර්ව ජන මන්ත්‍රි පක්ෂයෙන් දොට්ට සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (18) පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට එරෙහිව ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සහාය දුන් සර්වජනබලය පක්ෂයේ මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. 18 November 2025
කොළඹ - බදුල්ල පාරට රොන්මඩ ගලා එයි පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට කළුපහන 171 කිලෝමීටර් කනුව අසලදී අද පෙරවරුවේ රොන් මඩ සහිත පස් කන්දක් කඩා වැටී ගමනා ගමනය ට තරමක් බාධා එල්ල වී ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි. 18 November 2025
සර්ව ජනයේ පිහිටෙන් සීතාවක බලය ජාජබ පිහිටුවයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු මාස හයකට වැඩි කාලයක් කල්දැමුණු සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා අද පැවැති ඡන්ද ව්මසීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන පී.කේ.ප්‍රේමරන්න මහතා අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්විය. 18 November 2025
නුවර රේල්ලුවට සත් මහල් නේවාසිකාගාරයක් මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා යෝජිත මහනුවර සත්මහල් නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
අයිස් කිලෝ 100ක් බේරුවල මුහුදෙන් සොයා ගනී අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් බේරුවල මුහුද මැද පවෙම්න් තිබියදී ඊ නාව්ක හමුදාව මගින් සොයාගෙන් ගෙන ගොඩබිමට රැගෙන විත් බේරුවල පොලීසියට බාර දුන්නේය. 18 November 2025
ත්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති විහාරාධිපතිගෙන් පෙත්සමක් ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ දේවාල දෙකක් කඩාබිඳ දැමීමට වෙරල සංරක්ෂණ අධ්‍යකෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියෝ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ. 18 November 2025
සන්තෝෂ් ජා - මහින්දගේ ගෙදරට සුබ පැතුමක් යවයි ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනයට අද(18) සුබ පැතුවේය. 18 November 2025
රුසියන් හමුදා පොක්රොව්ස්ක් වටලයි යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන පොක්රොව්ස්ක් සඳහා වන සටනේදී යුක්රේනය පරාජය වුවහොත් අනාගත සාම සාකච්ඡාවලදී රුසියාවේ ව්ලැඩිමීර් පුටින් කෙරෙහි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බලපෑම හිතකර විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. 18 November 2025
පොලිසියට නීතිඥයෝ දෙසීයක් පොලිසියට නීතිඥයන් දෙසීයක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 18 November 2025
පාලම් 74ක වැඩ දඩිබිඩියේ ඉවර කරන්න යයි ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති පාලම් 74ක වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
අලුත් සෞඛ්‍ය ව්‍යාපෘති නවයකට කැබිනට් අනුමැතිය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
මුං අස්වැන්න තරගෙට ගන්න ආණ්ඩුවත් එයි 2025 අතර මැදි කන්නයේ මුං අස්වනු මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය 18 November 2025
බන්ධනාගාර නිලධාරීන්ට ’’ඉන්න හිතෙන’’ තැනක් දෙයි බන්ධනාගාර නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025