(අංජුල මහික වීරරත්න)

අස්වාසුම සුබ සාධක ප්‍රතිලාභ මුදල් අනිද්දා (19) බැංකු ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මහතා පවසයි.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999502 කට රුපියල් කෝටි 924.18 ක මුදලක් හා දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212955 කට රුපියල් කෝටි 232.17 ක මුදලක් ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිතය.