ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු ඛල බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.සිය ඉල්ලා අස්විමට අදාළ ලිපිය ඔහු අමාත්‍යාංශ ලේකම් මාර්ගයෙන් විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාට යොමුකර තිබේ.
සිය වෘත්තීය හා පෞද්ගලික හේතුවක් නිසා තමන් මෙම ධුරයෙන් ඉල්ලා අස්වන බවත් තම කාලය තුළ ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවූ බවත් සභාපතිවරයා පවසයි. 2024 ඔක්තෝබර් මාසයේ සිට 2026 අගෝස්තු මාසය දක්වා බුද්ධික හේවාවසම් මහතා සභාපතිධුරයේ කටයුතු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd