‘‘බුදු කුටිය අනවසර ඉදිකිරීමක්‘‘ ත්‍රිකුණාමලය වරාය වෙරළ තීරයේ ඉදිකළ කුටියක තිබූ බුදුපිළිමයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එම බුදු පිළිමය සහිත කුටීරය වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසරයෙන් ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 17 November 2025
’’රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්න’’ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 17 November 2025
රට පුරා වැඩ වර්ජනවලින් වෙච්ච පාඩුව රට පුරා පසුගිය වසරේ (2024) සිදුවූ වැඩ වර්ජන දහතුනකින් මිනිස් දින 46769ක් අහිමිවී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. 17 November 2025
පොලිසිය රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසියම තැන්පත් කරයි ත්‍රිකුණාමලය කොටුව පාර් ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරීය බෝධිවර්ධන දහම්පාසල් භූමියේ ස්ථාපිත කර තිබියදී මහා සංඝරත්නයේ විරෝධය මධ්‍යයේ බලහත්කාරයෙන් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් අද (17) යළි එම ස්ථානයේ ස්ථපිත කිරිමට පොලිසිය කටයුතු කළේය. 17 November 2025
මක්කම ගිය බසයක් ගිනි ගනී සෞදි අරාබියේ සිදු වූ බස් අනතුරකින් මක්කකම සිට මෙඩිනා දක්වා ගමන් කරමින් සිටි ඉන්දියානු උම්රා වන්දනාකරුවන් 40 කුට වැඩි පිරිසක් ජීව්තක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. 17 November 2025
ජපානයේ කියුෂු ගිනි කන්ද පුපුරයි ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් දින කිහිප වතාවක් පුපුරා ගොස් තිබේ. 17 November 2025
මත් රකුසා පරදන වැඩසටහන දකුණට යයි විෂ මත් ව්‍යසන පරදන ’’ රටම එකට’’ ජාතික මෙහෙයුමේ දෙවැනි අදියර දකුණු පළාතෙන් ඇරැඹීමට රජය තීරණය කර තිබේ. 17 November 2025
පොල්ගහවෙළ අයවැය සම්මතයි පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ජාතික ජනබලවේග කණ්ඩායම ඡන්ද 26 ක් ලබා ගනිමින් වැඩි ඡන්ද 13 කින් සම්මත විය. 17 November 2025
තැපෑලට රියැදුරෝ 36ක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 දෙනෙක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. 17 November 2025
සෞදියේ බස් අනතුරකින් 40ක් මරුට සෞදි අරාබියේ සිදු වූ බස් අනතුරකින් මක්කකම සිට මෙඩිනා දක්වා ගමන් කරමින් සිටි ඉන්දියානු උම්රා වන්දනාකරුවන් 40 කුට වැඩි පිරිසක් ජීව්තක්ෂයට පත්ව තිබේ. 17 November 2025
සුරාබදු හිටපු නිලධාරියා බීඩි කොළ සමග අල්ලයි මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් තම සන්තකයේ තබා ගෙන සිටි හිටපු සුරාබදු නිලධාරියකු බව කියන පුද්ගලයකු සමග මෝටර් රථයක් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 17 November 2025
භූ විද්‍යා හිටපු සභාපතිට ඇප භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ තනතුර සඳහා සිය වෘත්තිය සමිතියේ කටයුතු කළ පුද්ගලික ලේකම්වරියක රජයේ නිලධාරීන්ට බලපෑම් කර අත්තනෝමතිකව බඳවා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇපමත මුදා හැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 17 November 2025
අර්ජුන් මහේන්ද්‍රගේ පාස්පෝට් නිදහස් කළ කෙනා දැන් ඩී.ජී අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
සභාපතිගේ තීරක ඡන්දයෙන් පානදුර අයවැය සම්මතයි පානදුර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය සමවී සභාපති වරයාගේ තීරක ඡන්දය ලබාදීමෙන් පසු සභා සම්මත විය. 17 November 2025
වතු කම්කරුවන්ට සැලකීම විපක්ෂයට දරාගන්න බෑ ආණ්ඩුව වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම විපක්ෂයට දරා දරාගන්නට බැරි බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ යූ.පී.අබේවික්‍රම මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2025
ආණ්ඩුව හිතපු සංචාරකයො ආවෙ නෑ ආණ්ඩුව බලාපොරොත්තු වූ සංචාරකයන් ප්‍රමාණය මේ අවුරුද්දේ දී ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය. 17 November 2025
කතානායක බංගලාව ගැන රවීට දුක හිතිලා කතානායක බංගලාව විනාශ වෙමින් තිබෙන බවත් එය පාවිච්චි කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 November 2025
ප්‍රා.ස. මන්ත්‍රී ගංජා සමඟ මාට්ටු ගංජා අලෙවියේ නිරතව සිටි බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අලෙවි කිරීම සඳහා සකස් කරන ලද වියළි ගංජා සමඟ ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේ දී අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව ගලඋඩ පොලිසිය පවසයි. 17 November 2025
අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පිටු පෑ භූ විද්‍යා හිටපු සභාපති අල්ලයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයන් සේ හිටපු සභාපති අනුර වල්පොළ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි. 17 November 2025
ඇමති බංගලා හතරක් අගවිනිසුරුවරයාට භාරදෙයි ඇමති බංගලා හතරක් අද හෙටම අගවිනිසුවරයාට භාර කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
ජවිපෙ උදවියට පාර්ලිමේන්තුවේ ඉඳගන්න වත් අයිතියක් නෑ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා නිසා ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් ජනතා විමුක්ති පෙරමුණේ උදවියට අයිතියක් නැතැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2025
අම්බලන්ගොඩ ධීවරයෝ උද්ඝෝෂණයක හැඹිලි දැල් තහනම වහාම ඉවත් කරන ලෙස ඉල්ලා අද(17)උදේ ගාලු පාරේ අම්බලන්ගොඩ ධීවර මෝය කට ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණ. 17 November 2025
මරණ පරීක්ෂක දීමනාව ඉහළට මරණ පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 November 2025
ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මහජන ආරක්ෂක ඇමති කියයි ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පිළිමයකට හානි කිරීමක් පිළිබඳ තොරතුරු ලැබුණු වහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 November 2025
’’අද තියෙන්නේ ටොම් පච ආණ්ඩුවක්’’ අද ක්‍රියාත්මක වන්නේ ටොම්පච ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
ගව සොරකමේ ගිය 5ක් අල්ලයි රුපියල් ලක්ෂ පණහකට වැඩි වටිනාකමින් යුත් ගවයින් සොරකමේ යෙදුණු පුද්ගලයින් පස් දෙනෙකු සොරා ගත් ගවයින් කිහිප දෙනෙකු සහ මෝටර් රථ කිහිපයක් සමගින් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 17 November 2025
චීනයට තවත් තානාපති කාර්යාලයක් චීනයේ චෙන්දු නගරයේ කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
කොස්ලන්දේ නාය යෑමක් පවතින වර්ෂාව සමඟ බෙරගල වැල්ලවාය මාර්ගයේ හල්දුම්මුල්ල කොස්ලන්ද 202/3 බෝක්කුව පිහිටි ප්‍රදේශයට ඉහළ කන්දේ කොටසක් අද (17 ) අලුයම නාය ගොස් තිබේ. 17 November 2025
මත් සැකකරුවෝ 1123 ක් කොටු ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1123 ක් ඊයේ (16) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 17 November 2025
සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ හොරට ගෙන ගිය සෙබළිය මාට්ටු කොහුවල සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා පිටතට රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළියක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 17 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025