
(අංජුල මහික වීරරත්න)
මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සුවිශේෂී වැඩපිළිවලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.
එම වැඩපිළිවෙල යටතේ මහනුවර ජාතික රෝහලේ රුපියල් මිලියන 570 ක සම්පූර්ණ වටිනාකමකින් යුතු අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති තුනක් නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ සහභාගීත්වයෙන් අද (15) පෙරවරුවේ සිදු කෙරිණි.
ඒ අනුව අළුතින් පිහිටුවන ලද නවීනතම තාක්ෂණයෙන් යුතු හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය (Cardiac Catheterization Laboratory) (රුපියල් මිලියන 200), මැමෝග්‍රැෆි අංශය (Mammography Unit)(රුපියල් මිලියන 180), සීටී පරීක්ෂණ අංශය (CT Scanner System) (රුපියල් මිලියන 190) ජනතා අයිතියට පත් කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම භෞතික සම්පත් සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.
මහනුවර ජාතික රෝහලේ විකිරණ පුතිකාර සේවා සඳහා එක් වු දෙවන සීටි ස්කෑන් යන්ත්‍රය මෙය වන අතර, හෘද කැතීටකරණ රසායනාගාර ඒකක ද රෝහලට ලැබුණු දෙවන හෘද කැතීටර්කරණ රසායනාගාරයි. දැනට මෙරට තිබෙන ඉහළම නවීන තාක්ෂණය සහිත මැමෝග්‍රැෆි යන්ත්‍ර 05න් එකක් අද දින රෝහලේ ස්ථාපිත විය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහල මෙරට දෙවන ජාතික රෝහල ලෙස විශාල ජනතාවකට තෘතීයික සත්කාර සපයන අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පිළිකා රෝග ඒකකය, හදිසි අනතුරු ඒකකය ඇතූළු ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් වැය කරමින් මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදූ කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd