(පද්මා කුමාරී කංකානම්ගේ )

යතුරු පැදියක්,විදුලි කණුවක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත්,පිය පුතු දෙපළ,රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.

සිය පුතු සමග නිවසට අවශ්‍ය කළමණා රැගෙන ඒමට වෙළඳපළට යමින් සිටිය දී මෙම අනතුරට සිදුව ඇත.

දෙදෙනාම හිස් වැසුම් පැළද නොසිටි හෙයින්,හිසට සිදුවූ බරපතළ තුවාල,ඔවුන්ගේ මරණයට හේතු වන්නට ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දුෂ්මන්ත රෝහණ නමි ධීවරයකු සහ ඔහුගේ පුතා වන, රවීන් කණිෂ්ක නම් හය හැවිරිදි පාසැල් සිසුවෙකි. එම දරුවා කන්දකුලිය කුඩාව ශාන්ත සෙබස්තියන් පාසලේ දෙක වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.