දියණියගේ ගිනි තැබීමෙන් අසාධ්‍ය වූ මව රෝහලේදී මරුට ප්‍රේම සම්බන්ධතාවයට මවුපියන් විරුද්ධ වීම හේතුවෙන් මවගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන 13 හැවිරිදි සිසුවියක අත්අඩංගුවට ගෙන පරිවාස භාරයේ රඳවා ඇති බව බදුල්ල පොලිසිය පවසයි. 17 November 2025
ආරුගම්බේදී විදෙස් කතට අතවර කළැයි අයෙක් අල්ලයි ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු පෙරිය නිලාවෙනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 17 November 2025
තැනින් තැනට තද වැසි දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 November 2025
පාකිස්තානය 3-0 කින් ජයගනී පාකිස්තානු පිල ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (16) සමත් විය. 16 November 2025
අයවැයට විරුද්ධ වු දේශපාලකයන්ට වතුකම්කරුවෝ එරෙහි වෙති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල වතු කම්කරුවෝ අද පස්වරුවේ විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ 16 November 2025
දිගම්බරම් පස්ස ගහයි නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවැසීය. 16 November 2025
මතට තිත තියන්න අලුත් චක්‍රලේඛ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවිමට සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද කළුතර දී පැවසිය. 16 November 2025
සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659 මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 16 November 2025
රියදුරු බලපත්‍ර මුද්‍රණය අරඹයි මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 16 November 2025
අයවැයට පක්ෂව ඡන්දය දුන් මනෝට විනය ක්‍රියාමාර්ග? අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් එහි නායකත්වයෙන් ඉල්ලීම් කර ඇත. 16 November 2025
ශ්‍රී ලංකාව ලකුණු 211 කට සීමාවෙයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන තුන්වැනි සහ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 211 කට සීමාවිය. 16 November 2025
පොපි මල් දිනය සමරයි සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී පැවැත්විණි. 16 November 2025
අල්ලේ සඟවාගෙන යා හැකි ගිනි අවියක් සමඟ අයෙක් දැලේ මෙතෙක් ආරක්ෂක අංශවලද නොමැති අල්ලේ සඟවාගෙන යා හැකි අඟල් 6 ක් පමණ දිගැති කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 16 November 2025
සරසවි සිසුන්ට මත්කුඩු අලෙවිකළ දෙන්නෙකු අල්ලයි සරසවි සිසුන් කිහිපදෙනෙක්ට හා සුළු සේවකයින් කිහිප දෙනෙකුට හෙරොයින් මත්කුඩු ලබාදීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. 16 November 2025
වන්දනාවේ පැමිණි බසයක් ගිනි ගනී ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන ගල්කුලම නගරයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් එම බස් රථය ගිනිගෙන විනාශයට පත් වූ බව කවරක්කුලම පොලිසිය පවසයි. 16 November 2025
මත් සැකකරුවෝ 1115 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1115ක් ඊයේ (15) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 16 November 2025
බොරු පොරොන්දු වලට රැවටුණු අය නුගේගොඩට එන්න ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු දෙනා ලබන 21 වැනිදා නුගේගොඩට එන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 November 2025
බංගලාවට යන්න : දයාසිරි කතානායකගෙන් ඉල්ලයි කතානායක නිල නිවස පාවිච්චි කරන්නැයි සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය 16 November 2025
පළාත් ඡන්දය ඉක්මනට තියන්න තේරීම් කාරක සභාවක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා කටයුතු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය 16 November 2025
ජනපති රටට දුන් ආදර්ශ මිල කරන්න බෑ ජනාධිපති රටට ලබාදී තිබෙන ආදර්ශ මිල කළ නොහැකි බව මහජන ආරක්ෂක සහ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2025
විපක්ෂෙ තර්ක පැය 24 න් ඉවරයි විපක්ෂයට ඔවුන්ගේ ඉදිරි දේශපාලන අරමුණ පිළිබඳව කිසිම එකඟතාවයක් නැති බැවින් පැය 24ක් වත් පවතින තර්කයක් ඉදිරිපත් කරගන්නට නොහැකි වී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 16 November 2025
පිහියකින් ඇන 16 සිසුවිය මරලා ගම්පොළ , මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොලීසිය කියයි. 16 November 2025
ඡන්ද පොරොන්දු ඉටු නොකරන ලොජික් එක මොකක්ද? ඡන්ද ගන්න කියපුවා බලය ගත් පසුව නොකරන එකේ ලොජික් එක මොකක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 16 November 2025
දයාසිරි වතු සමාගම් වල ලාභ සභාගත කරයි වතු සමාගම් හැම එකක්ම බිලියනයකට වඩා ලාභ ගත් ආයතන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 16 November 2025
ජනපති ’’ රජ ඔටුන්නක්’’ දාගන්න හදනවා බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය වල දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 November 2025
ලොරියක් පැහැගෙන යද්දී යතුරු පැදි තුනකුත් හප්පලා කදාන සාන්ත මරියා මාවතේ හල්පේ පටුමග ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයකට රහසිගතව ඇතුල් වු පුද්ගලයකු එහි නවතා තිබු ලොරි රථයක් පැහැරගෙන යද්දී වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන් කළ යතුරු පැදි තුනක් අනතුරට ලක්කිරිම හේතුවෙන් යතුරු පැදි කරුවකු එම ස්ථානයේම මියගොස් තවත් සිව් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බව කදාන පොලිසිය පවසයි. 16 November 2025
අද කාලගුණය උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 November 2025
සේවය හැර ගිය පී.සී කුඩු සමග මාට්ටු යාපනය ප්‍රදේශයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි, 16 November 2025
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය 16 November 2025
වැලිකන්ද රෝහලේ කටයුතු වලට අලින්ගෙන් බාධා පොලොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඊයේ (14) රාත්‍රී පැමිණි වන අලින් දෙදෙනෙකු එම රෝහලේ නවතා තිබූ ගිලන් රථයකට පහරදී රෝහල තුල සැරිසැරීම හේතුවෙන් එම රෝහල් කටයුතු වලට බාධා සිදුව ඇති බව රෝගින් හා සේවකයින් පවසති. 15 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025