
(ඩී.ජි.සුගතපාල)
ගණේමුල්ල සංජිව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්ව්න්දි වැලිකඩ බන්ධනාගාරයේ සිට ඊයේ රාත්‍රි අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන ආ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
පසුගිය වසරේ පෙබරවාරි 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 5 ශලාවේ විත්තිකුඩුව තුළදිම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගණේමුල්ල සංජිවට වෙඩි තබා ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කිරිම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දි අත් අඩංගුවට ගෙන ඇත.
ඝාතනයෙන් පසු ඇය නේපාලයේ සැඟව සිටියදි විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් අත් අංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබිමෙන් පසු ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ කොළඹ අපරාධ කොට්ඨාශයේ රදවා තබාගෙන පරික්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව විස්තර නැද්ද, වාට්ටු අංකය, එයත් එක්ක තව කව්ද ඉන්නේ වගේ ඒවා. අනේ මන්දා මේ බන්ධනාගාරෙයි, මාධ්‍යයි වැඩ කරන්නේ පාතාලෙට ද කියල. උන්ට වෙනම මහන්සි වෙන්න දෙයක් නැ තොරතුරු දැනගන්න.
හොඳම වැඩේ. අඟුණකොල තිත්තයිනේ. ඕකෙම දිගටම තියන්න.