(ටී.කේ.ජී. කපිල)

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්  වැඩිදුර විමර්ශන  සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත.

දෙහිවල , කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි .

ඉරාන - ඇමෙරිකා යුද්ධයේ දී , ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහර දීම සදහා භාවිතා කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර , ඔහු පිළිබද විමර්ශන කටයුතු සදහා ඇමෙරිකාව විසින් එරටට ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි .

බාසික් නමැත්තා 2018 වසරේ දී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් සිටියේය. අරාබි එමිර් රාජ්‍යයේ සිට රැගෙන ආ බාසික් කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , මොහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත , දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියේය .