මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය . 31 December 2025
කුඩු ජාවාරම් කළ හිටපු බන්ධනාගාර ගබඩා පාලක මාට්ටු බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු සමඟ පස්දෙනෙකු යබරලුව , කිරිඇලමුල්ල ප්‍රදේශයේ නිවෙසකදී අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. 31 December 2025
ලොරි අනතුරින් හයක් රෝහලේ කොළඹ මඩකලපුව ඒ 4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර තිරිවනාකැටිය ප්‍රදේශයේදී අද(31) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කළ බව රත්නපුර පොලිසිය පැවසුවේය. 31 December 2025
ගුරුවරයාගේ පිළිස්සුණ සිරුර කුලී නිවසින් හමුවෙයි කොස්ගම මූණමලේවත්ත අත්පන්දු ක්‍රීඩාංගණය අසල නිවසක තිබී ගිනිගෙන දැවී පිළිස්සුණු පාසල් ගුරුවරයෙකුගේ මළ සිරුරක් අද (31) දින හමු වූ බව කොස්ගම පොලිසිය පවසයි. 31 December 2025
කොහුවල වෙඩි තැබීමකින් තරුණියක් රෝහලේ කොහුවල , සරණංකර බෝධියවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු නිවසක සිටි කාන්තාවක් ඉලක්කකර සිදු කළ වෙඩි තැබීමකින් නිවස අසළ සිටි 17 හැවිරිදි වෙනත් තරුණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි කොහුවල පොලීසිය කියයි. 31 December 2025
නාගොඩ රෝහලේ වෙඩි තැබීමක් කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 31 December 2025
අපේ තීරු බදු අඩු කරන්න; හිටපු ඇමති ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලිපියක් මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිත හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත. 30 December 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය. 30 December 2025
නොරොච්චෝලේ යන්ත්‍ර දෙකක් නවතයි නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් නඩත්තු කටයුතු හේතුවෙන් නවතා දමා ඇතැයි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 30 December 2025
වැලිමඩ උසාවියේ රෙජිස්ට්‍රාර් අල්ලස් දැලේ පැටලේ වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා බෙදුන් නඩුවක පාර්ශවකරුවකුගෙන් රුපියල් ලක්ෂ 05 අල්ලස් ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරින් විසින් අද සවස අත් අඩංගුවටගෙන ඇත. 30 December 2025
එජාප - සජබ ලොකු පුටු හමුව සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේදී අද සිදු විණි. 30 December 2025
කොළඹ හෙට යන්නේ මෙහෙමයි 2026 නව අවුරුදු උදා වීමට පෙර 2025 අවසන් දිනය වන හෙට දින කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත උත්සවවල ආරක්ෂාව සහ රථ වාහන මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් 1200 ක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 30 December 2025
දාහත් වසරක් කොළඹ සේවය කර ගමට මාරුව ලද පී.සී අනතුරින් මරුට කඩුවෙල බෝමිරිය ඩඩ්ලි ගුණසේකර මාවත ආසන්නයේදී සිය යතුරු පැදිය ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි අධිකරණ පොලිස් නිළධාරී ලෙස රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා අද (30) දින අලුයම මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 30 December 2025
කෝටි 200ක කුඩු සිද්ධියේ ධීවරයන් පස් දෙනා රිමාන්ඩ් රුපියල් කෝටි 200ක් පමණ වීදි වටිනාකමක් ඇති මත්කුඩු සමග දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් ධීවරයන් පස් දෙනා ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය. 30 December 2025
නල්ලූර් පුංචි මන්ත්‍රී ගංජා සමග මාට්ටු කේරල ගංජා ජාවාරම් කළ බව කියන නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂයේ මන්ත්‍රීවරයකු අලුයම අත්අඩංගුවට ගත් බව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 30 December 2025
කිරිබත්ගොඩ ගින්නක් කිරිබත්ගොඩ නගරයේ නිමි ඇඳුම් ආයතනයක ගින්නක් හටගෙන ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි. 30 December 2025
මතුගම සභාවේ අවුලක්, ලේකම් රෝහල් ගත වෙයි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරදුන්නැයි කියමින් මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත්ව සිටින්නීය. 30 December 2025
ජජබ අපේක්ෂකට පහරදුන්නැයි සජබ ප්‍රා.ස. මන්ත්‍රී අල්ලයි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීධූර අපේක්ෂකයකුට පහර දුන් බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි. 30 December 2025
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද (30) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවපවසයි. 30 December 2025
වැසිකිලි වළට වැටී දරුවා මරුට ආණමඩුව වඩත්ත ගම්මානයේ තුන් හැවිරිදි දරුවෙකු වැසිකිලියක් සදහා කපා තිබු ජලය පිරි තිබු වළකට වැටිමේන් ඊයේ( 29) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 30 December 2025
ගාල්ල නගර සභාවේ උණුසුම් තත්වයක් ගාල්ල මහ නගර සභා රැස්වීම අද පෙරවරු 10.00 ආරම්භ වූ මොහොතේ විපක්ෂ මන්ත්‍රීවරු සභා ලේකම්ට විරෝධය පාමින් කෑ කෝ ගැසීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්වයක් හටගත්තේය. 30 December 2025
මහනුවර අලි කුලප්පුවක් ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය සඳහා පල්ලෙකැලේ සිට සහල් රැගෙන එමින් තිබූ පෙරහරේ ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් බූවැලිකඩ ප්‍රදේශයේදී නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව තිබේ. 30 December 2025
පොලිස් මාර්ග බාධකයේ පාටි දැමු සැරයන් අත්අඩංගුවට පොලිස් මාර්ග බාධකයක් තුළ මත්පැන් සාදයක් පැවැත් වූ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 30 December 2025
බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවාට කරදරයක් බ්‍රිතාන්‍ය හෙවිවේට් බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා නයිජීරියාවේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් තුවාල ලබා ඇති අතර, එම අනතුරින් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 30 December 2025
කෝටි 3ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනවිත් කිලිනොච්චිය, පන්නන්කණ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 131 ක් සමඟ පුද්ගලයකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 30 December 2025
තේ කම්හල් සේවකයා විදුලි සැරෙන් මරුට තේ කම්හල් සේවකයකු විදුලි සැර වැදිමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 30 December 2025
බංගලාදේශ පළමු අගමැතිනිය කලීඩා සියා මිය යයි බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා ෂියා මියගිය බව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අඟහරුවාදා ප්‍රකාශ කළේය. 30 December 2025
ප්‍රදේශ කීපයකට අදත් තරමක තද වැසි උතුරු ,නැගෙනහිර සහ ඌව පළාත්වලත්,මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 30 December 2025
අපි ගහන්න හැදුවේ නෑ - සෙලෙන්ස්කී තම හමුදා කිසිම ආකාරයකින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවස ඉලක්ක කර නොගත් බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී පවසයි. 30 December 2025
පුටින්ගේ නිල නිවසට ගහන්න හදලා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට චෝදනා එල්ල වෙයි. 30 December 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026