
(අංජුල මහික වීරරත්න)
අවදානමක් දරාගෙන කරන වෙනසක් හමුවේ තම තනතුර අහිමි වෙනවා නම් පිටත් වී යන්නට ලෑස්ති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නීතිඥ සංගමය මතුකළ කරුණු වලට පිළිතුරු වශයෙනි.
අවදානමක් දරාගන්නේ නැතිව වෙනසක් කරන්න පුළුවන් කියා විශ්වාස නොකරන බව කී ජනාධිපතිවරයා ඒ නිසා අවදානම ගන්න සූදානම් බව සඳහන් කළේය.
අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම් ඒක ඉතා හොඳින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒ්කට මම සූදානම්" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
"හොඳම උදාහරණය කියන්නම්, පාස්කු පරීක්ෂණය දියත් කරලා තියෙන්නේ, බුද්ධි අංශයට. මගේ ආරක්ෂාවට වග කියන්නේ, කවුද? ඒත් පරීක්ෂණ යනවානේ? ඒ තුළ ජීවිත අවදානම තියෙනවා කියලා මම දන්නවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වගෙ කෙලින් කතා කරන රට වෙනුවෙන් කැප වුන ජනාධිපති කෙනෙකි මීට පෙර අපි නොදුටුවෙමු
ජනතාවගේ පූර්ණ සහය NPP ආණ්ඩුවට සහ ජනාධිපතිතුමාට.
ජීවිතයට තියෙන අවධානම ගැන ඉතාමත්ම කල්පනාවෙන් නැඩ කරන්න. ඒ ිටික සම්පූර්ණ තර ගනිමින් එබ යන ගමන යන්න. ඔබට සියලු දෙවි පිහිටයි. ඔබ වැනි කෙනෙක් මගේ ජීවිත කාලයේ දී නම් උපද්න්නේ නැහැ.
"යම් පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔහුට බලය ලබා දෙන්න!" (ඒබ්‍රහම් ලින්කන්) ජනාධිපතිතුමනි, ඒ.කේ.ඩී. (AKD) මහතාණනි: ඔබ ශ්‍රී ලංකාවේ ඒබ්‍රහම් ලින්කන් ය!!! සර්, ඔබට දැන් බලය ලැබී ඇත; එසේනම් ඔබේ චරිත ශක්තිය හා ගුණාත්මක බව විදහා දක්වන්න!!! ඔබ මේ දක්වා කටයුතු කර ඇති ආකාරයටම ඉදිරියටත් එය සිදු කරන්න!
විශාලතම අවදානම වන්නේ කිසිදු අවදානමක් නොගැනීමයි." - මාර්ක් සකර්බර්ග් (META හි ප්‍රධාන විධායක නිලධාරී) | "දිගටම ඉදිරියට යන්න.
ලයන්, ඔබේ අදහස මෙවැනි බොරු කියපු තවමත් බොරුවෙන් ඉදිරියට යෑමට උත්සහ කොරන ජනාධිපති කෙනෙක් අපි තවමත් දැක නැත යනුවෙන් නිවැරැදි කොර ගන්න .
රෙදි ගැලවෙන්න අහගෙන එලියට ඇවිල්ල මාධ්‍යයට බොරු කියල පැන ගිය නීතිඥ සංගම් ලොක්ක....පව් නේද?
ඔබතුමා වගේ හොර බොරු නැති අවංක කෙනෙක් තව අවුරුදු 10ක්වත් රට පාලනය කළොත් තමයි අපගේ දූවලාට පුතාලට මුණුපුරු මිනිපිරියන්ට ජීවත් වෙන්න ආස හිතෙන ලස්සන රටක් ඉතුරු වෙන්නේ.
හදවතට එකගව කතා කරන,බලතණ්හාවෙන් හිස උදුම්මා නොගත් ජනතාවදී අදූෂිත නායකයාණෙනි ,අපි සැමදා ඔබ සමගයි.
ජනතාව රවට්ට රවට්ට ගේම් ගගහා කූඩෑල්ලෝ වගේ බලයේ එල්ලීගෙන ඉන්ඩ තරම් බල තණ්හාවක් ජනතාවාදී අදුෂිත නායකයාට නොමැති බව අපි හොඳාකාරවම දන්නවා.
කොහේ යන්නද? වැඩ ගොඩක් තියෙනවා ජනතාවට කර ගන්න.