
(සුජිත් හේවාජුලිගේ)
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කාංචන විජේසේකර මහතාගෙන් ඊයේ (14) පහකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනුණු අතර හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ පෙරේදා (13) දිනයේය.
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගෙන්ද පසුගියදා ප්‍රශ්න කෙරිණ.
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම එකසිය පනහකට ආසන්න පිරිසකගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
ඉදිරි දිනවල තවත් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට කොමිසම තීරණය කර ඇත
කොමිසමේ අවසන් වාර්තාව ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd