
(අංජුල මහික වීරරත්න)
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද ඒකක හා වැඩිදියුණු කරන ලද යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) රෝගී සත්කාර සේවාව සඳහා නිල වශයෙන් එක් කෙරිණි.
රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම හා සුවපහසු සෞඛ්‍ය සේවාවක් සැලසීමත්, රෝහලේ පවතින සේවා ධාරිතාව සහ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් මෙම සංවර්ධන හා නවීකරණ කටයුතු සිදුකර ඇති අතර, ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 134කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක් සිදුකර ඇත.
මෙම සංවර්ධන වැඩසටහන යටතේ රෝහලේ බාහිර රෝගී අංශය, ප්‍රධාන ඖෂධාලය, සායන, වාට්ටු වෙත පිවිසෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, සෞඛ්‍ය අධ්‍යාපන හා මහජන සෞඛ්‍ය සේවාවන් සිදුකරන ගොඩනැගිල්ල සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුව ඇතුළු රෝගී සත්කාර සේවාවට සෘජුව සම්බන්ධ ඒකක රැසක් නවීකරණය කර සේවා කටයුතු සඳහා එක් කෙරිණි.
මීට අමතරව, වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරය, හෙද විවේක කාමරය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේක කාමරය ද නවීකරණය කර ඇති අතර, අලුතින් ඉදිකරන ලද සුළු සේවා පාලක කාර්යාලය ද අමාත්‍යවරයා විසින් විවෘත කර සේවා කටයුතු සඳහා එක් කරන ලදී.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ භාණ්ඩාගාරයේ පවතින රාජ්‍ය මුදල් නිසි කළමනාකරණයකින් හා ප්‍රමුඛතා හඳුනා ගනිමින් කාර්යක්ෂමව වියදම් කිරීම තුළින් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව සම්පත බඳවා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.
එමෙන්ම, රෝහල්වල ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආරම්භකර ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ සඳහා රුපියල් බිලියන 45ක මුදලක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd