
(සුජිත් හේවාජුලිගේ)
සිරකරුවන් හා සම්බන්ධ වන බන්ධනාගාර නිලධාරීන් 3069කට තවමත් කිසිදු ගිනි අවි පුහුණුවක්දී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
සිරකරුවන් කළමනාකරණය කිරීමේදී සහ අනෙකුත් ප්‍රධාන අරමුණු ඉටු කර ගැනීමේදී බන්ධනාගාර නිලධාරීන්ට ගිනි අවි පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
සිරකරුවන් හා සම්බන්ධ වන නිලධාරීන් හා නිලධාරිනියන් 2389 දෙනෙකුට 2018 වර්ෂයේ සිට 2025 වසර දක්වා ගිනි අවි පුහුණුව ලබාදී තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර විවිධ චෝදනාවට ලක් වූ බන්ධනාගාර නිලධාරීන් 601 ක් පිළිබඳවද විගණන වාර්තාව තොරතුරු අනාවරණය කරයි.
මෙම පිරිසට වැඩ තහනමට ලක් වූ 149 ක් සේවයෙන් පහ කළ 28ක් සේවයෙන් ඉල්ලා අස්වූ විසි අටක් සේවය අවසන් කළ විසිතුනක් අනිවාර්ය නිවාඩු යැවූ අට දෙනෙක් ඇතුළත් වෙති.
මේ තොරතුරු සඳහන් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd