
(ජේ.කේ.එල්. චාමින්ද)
මෙරට මනුෂ්‍ය ඝාතන 1,664ක් ඉකුත් වසර තුන තුල (2023,2024,2025) සිදුවි ඇති බැව් ශ්‍රිලංකා පොලිසිය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
එම වාර්තාවට අනුව 2023 වර්ෂයේ දි මෙරට මනුෂ්‍ය ඝාතන 573ක්,2024 වර්ෂයේ දි මනුෂ්‍ය ඝාතන 555ක් සහ ,2025 වර්ෂයේ දි මනුෂ්‍ය ඝාතන 536ක සිදුවි ඇත. මෙකි මනුෂ්‍ය ඝාතන සම්බන්දයෙන් සියයට 93ක් පමණ විසදා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
මෙකි මනුෂ්‍ය ඝාතනවලින් පසුගිය වසර තුන තුල මියගිය කාන්තාවක් සංඛ්‍යාව 317කි.ඒ අනුව 2023 වර්ෂයේ දි කාන්තාවන් 105 දෙනෙකු,2024 වර්ෂයේ දි කාන්තාවන් 104 දෙනෙකු,2025 වර්ෂයේ දි කාන්තාවන් 108 දෙනෙකු ඝාතනයට ලක්ව තිබුණි. මෙම වසර තුත තුල ඝාතනයට ලක්ව ඇති ළමුන් සංඛ්‍යාව 48කි. ඒ අනුව 2023 වර්ෂයේ දි ළමුන් 16 දෙනෙකු,2024 වර්ෂයේ දි ළමුන් 20 දෙනෙකු,2025 වර්ෂයේ දි ළමුන් 12 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd