(අංජුල මහික වීරරත්න)

නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවා යැයි එක්තරා ඇමතිවරයෙක් පැවසුවේ යැයිද නඩු තීන්දුව දෙන්නේ එයා දැයි තමාට ප්‍රශ්නයක් තිබෙන බවද පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

"මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා.අපි විශ්වාස කරන්නෙ අධිකරණය.හැබැයි ඇමතිවරයා මම හිරේ යනවා යැයි කියනවා යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.

පොළොන්නරුව මනම්පිටියේ පැවති රැස්වීමක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

"​අද මේ රටේ ඉතිහාසයේ පහළ වෙච්ච දූෂිතම, ඒකාධිපති පාලනය අරගෙන යන ආණ්ඩුවක් අපේ රටේ බිහි වෙලා තියෙන්නේ.

​එදා ගොවි ජනතාවට අසීමිත බලාපොරොත්තුවක් දුන්නා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරන් බැලුවම ඉස්සෙල්ලාම තියෙන්නේ ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් දෙනවා කියලා හැබැයි ව්‍යාපාරිකයාට නම් සාධාරණ මිලක් හම්බවෙනවා ඇති. ගොවියාට සාධාරණ මිලක් අද හම්බවෙනවද නැද්ද කියන එක තමයි තියෙන ප්‍රශ්නය යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.