(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පවත්වන ඇසළ මහා පෙරහරේ ,ප්‍රථම කුඹල් පෙරහර හෙට (18) වීදි සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවෙන් හෙට (18) දින සවස 6 පසුවී විනාඩි 52 ට ,නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව ,දළදා වීදීය , ඩී එස් සේනානායක වීදීය , පන්සල පාරේ ඉහළට ගමන් කර ,දේව වීදීය කොළඹ වීදීය , යටිනුවර වීදීය ඔස්සේ රජවීදීයට අවතීර්ණ වී ඉහළට විත් ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතය.

ඓතිහාසික කන්ද උඩරට ඇසල මංගල්‍ය හෙට (18) ආරම්භ වන ප්‍රථම කුඹල් පෙරහර නැරඹීම සඳහා අද පෙරවරුවේ සිට නැරඹුම් ස්ථාන වෙන් කරගෙන තිබෙන අයුරු දැක ගත හැකිය.

ප්‍රථම කුඹල් පෙරහර කුඩා දරුවන්ට පෙන්වීම තුළින් ඔවුන්ගේ අපල දොස් දුරුවන බවට ඇති විශ්වාසයක් හේතුවෙන් බොහෝ වැඩිහිටියන් තම කුඩා දරුවන්ට ප්‍රථම කුඹල් පෙරහර පෙන්වීමට දැඩි උනන්දුවක් දක්වති.