
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සහ කුවේට් වෙළෙඳ සහයෝගීතාව වැඩි කිරීම සඳහා දෙරට නියෝජිත කණ්ඩායම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති සාලෙහ් මුබාරක් අල් - සරාවි මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය කෙරිණි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා මෙන්ම බලශක්ති හා කාර්මික ක්ෂේත්‍ර වල අවස්ථා පිළිබඳව කුවේට් ආයෝජකයන්ගේ අවධානය යොමු කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ආර්ථික වෙළෙඳ වරාය ආයෝජන සහ අනෙකු ක්ෂේත්‍ර වල සහයෝගීතාව ඉදිරියේදී පුළුල් කිරීමටද මෙහිදී තීරණය විය.
මෙහිදී අදහස් දක්වමින් කුවේට් තානාපතිවරයා පැවසූයේ දෙරට අතර සන්නිවේදනය තවදුරටත් වැඩි දියුණු කිරීමත්, අදහස් එකිනෙක සමීප කරගැනීමක් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරිමත්, තමාගේ ප්‍රධාන වගකීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd