
ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය තාරික් රහමාන්, ඉන්දියාවට පවසා ඇත.
ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරය අතහැර අසල්වැසි ඉන්දියාවට පලා ගියේ එරට විරෝධතා උත්සන්න වූ අවස්ථාවේදීය. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වී ඇති හසීනාට බංග්ලාදේශයේදී මරණ දණ්ඩනය නියම වී ඇති අතර, බංග්ලාදේශ විසින් ඇය නැවත භාර දෙන ලෙස කිහිපවතාවක්ම ඉල්ලීම් කර තිබේ.
ඉන්දියාව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ බංග්ලාදේශයේ ඉල්ලීම පරීක්ෂා කරමින් පවතින බවය. මේ අතර ෂෙයික් හසීනා, ලබන දෙසැම්බර්යේ යළි බංග්ලාදේශයට පැමිණෙ බවත් එල්ල වන සියලු චෝදනාවලට මුහුණ දීමට සූදානම් බවත් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd